12th November 2023 11:36:37 Hours
ශ්‍රී ලංකා යුද්ධ හමුදා සේවා බලකා සේවා වනිතා ශාඛාවේ පළමු රැස්වීම පසුගිය ඉරිදා (නොවැම්බර් මස 05) දින එම රෙජිමේන්තු මධ්‍යස්ථානයේදී පැවැත්විණි.
අභිනවයෙන් පත් වූ සභාපතිනී චන්ද්‍රිකා රාජපක්ෂ මහත්මිය විසින් ධූරයේ රාජකාරි භාර ගැනීමෙන් පසුව පැවති ප්‍රථම රැස්වීමද මෙය වෙයි.
රැස්වීම ආරම්භ කරමින් නව කමිටු සාමාජිකාවන් පත් කරනු ලැබූ අතර, යුද්ධ හමුදා සේවා බලකා සේවා වනිතා ශාඛාවේ ඉදිරි ව්‍යාපෘති කටයුතු පිළිබඳව එහිදී සාකඡ්චා කරනු ලැබිණි. අනතුරුව, සභාපතිතුමිය රෙජිමේන්තු පරිශ්‍රය තුළ ස්ථාපිත යෝගට් නිෂ්පාදනාගාරයේ කටයුතු සහ එහි අධීක්‍ෂණයේ වැදගත්කම අවධාරණය කරමින් එම ස්ථානයේ නිරීක්‍ෂණය කරනු ලැබීය. උත්සව අවස්ථාවට යුද්ධ හමුදා සේවා බලකා සේවා වනිතා ශාඛාවේ සාමාජිකාවන්, නිලධාරීන් සහ සෙසුනිළයන් සහභාගී වූහ.