Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදා
සේවා වනිතා ඒකකය

10th November 2023 22:19:40 Hours

යුද්ධ හමුදා සන්නද්ධ බුද්ධි බලකා සේවා වනිතා ශාඛාව, අම්බලන්ගොඩ වරුසවිතාන වැඩිහිටි නිවාසය වෙත මාසික දානය පිරිනමයි

ශ්‍රී ලංකා යුද්ධ හමුදා සන්නද්ධ බුද්ධි බලකා සේවා වනිතා ශාඛාවේ සභාපතිනියගේ උපදෙස් මත එම ශාඛාව මගින් මාසිකව සිදුකරනු ලබන දානමය පිංකම අම්බලන්ගොඩ වරුසවිතාන වැඩිහිටි නිවාසය වෙත පසුගිය සෙනසුරාදා (ඔක්තෝබර් මස 28) දින පිරිනමනු ලැබීය.

වැඩිහිටි නිවාසයේ නේවාසිකව සිටින ජ්‍යෙෂ්ඨ පුරවැසියන් 18 දෙනකු සදහා එහිදී උදෑසන,දිවා සහ රාත්‍රී භෝජන සංග්‍රහයන් පිරිනැමූ අතර, දානමය පිංකම සදහා සන්නද්ධ බුද්ධි බලකා සේවා වනිතා ඒකකයේ ජ්‍යෙෂ්ඨ සාමාජිකාවක් වන මනෝරි රණවීර මහත්මිය විසින් අනුග්‍රාහකත්වය ලබාදෙන ලදී. මෙම අවස්ථාවට ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, නිලධාරීන් සහ සෙසුනිලයින් රැසක් සහභාගි වූහ.