Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදා
සේවා වනිතා ඒකකය

10th November 2023 22:27:04 Hours

යුද්ධ හමුදා සේවා වනිතා ඒකකය මගින් යුද්ධ හමුදා භටපිරිස් සහ සිවිල් සේවක මහතුන්ට වියළි ආහාර සලාක ඇසුරුම් බෙදාදෙයි

ශ්‍රී ලංකා යුද්ධ හමුදා සේවා වනිතා ඒකකයේ මූලිකත්වයෙන් 11 පාබල සේනාංකය යටතේ ස්ථාපිත ඒකකයන්හි සේවය කරන යුද්ධ හමුදා සාමාජිකයින්ගේ හා සිවිල් සේවක මහතුන් මුහුණපාණ ආර්ථික අපහසුතා සඳහා සහයෝගයක් ලබාදීමේ අරමුණින් වියළි ආහාර සලාක ඇසුරුම් 100 ක් බෙදා දීමේ වැඩසටහනක් පසුගියදා එම ඒකකයේ සභාපතිනී ජානකී ලියනගේ මහත්මියගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.

උත්සවය මධ්‍යම පළාත් ශ්‍රවණාගාරයේදී පසුගිය බ්‍රහස්පතින්දා (නොවැම්බර් මස 09 ) දින පැවැත්විණි.

උත්සව අවස්ථාවට 11 පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් ආර්.එම්.එම් රණසිංහ ඩබ්ලිව්ඩබ්ලිව්වී ආර්ඩබ්ලිව්පී ආර්එස්පී සහ නියෝජ්‍ය සේනාංකාධිපති බ්‍රිගේඩියර් කේ.එම්.ඩබ්ලිව් බණ්ඩාර ආර්එස්පී, 111 පාබල බලසේනාවේ බලසේනාධිපති එන්.එස්.එස් ඩයස් ආර්එස්පී, සේවා වනිතා ඒකකයයේ සම්බන්ධීකරණ නිලධාරී බ්‍රිගේඩියර් එන්. මහවිතාන කේඑස්පී, සේවා වනිතා ඒකකයේ ජ්‍යෙෂ්ඨ සාමාජිකාවන්, යුද්ධ හමුදා ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, නිලධාරීන් සහ සෙසු නිලයින් සහභාගී විය. වැඩසයහටන් ස්තුතිකතාව 11 පාබල සේනාංකයේ කර්නල් සම්බන්ධීකරණ නිලධාරීතුමන් විසින් සිදුකරන ලදී.