Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදා
සේවා වනිතා ඒකකය

10th November 2023 22:10:44 Hours

පල්ලෙකැලේ ‘විරු කැකුළු’ පෙර පාසල් ළමුන්ගේ වාර්ෂික විවිධප්‍රසංගය සාර්ථකව පැවැත්වේ

පල්ලෙකැලේ ‘විරු කැකුළු’ පෙර පාසලේ ඉගෙනුම ලබන ළමුන්ගේ වාර්ෂික විවිධප්‍රසංගය යුද්ධ හමුදා සේවා වනිතා ඒකකයේ සභාපතිනී ජානකී ලියනගේ මහත්මියගේ ප්‍රධානත්වයෙන් පසුගිය බ්‍රහස්පතින්දා (නොවැම්බර් මස 09) දින මධ්‍යම පළාත් ශ්‍රවණාගාරයේදී පැවැත්විණි.

උත්සව අවස්ථාවට පැමිණි ජානකී ලියනගේ මහත්මිය විරු කැකුළු පෙර පාසලේ කුඩා දැරියක් විසින් බුලත් හුරුල්ලක් පිරිනමා ඉතා උණුසුම් ලෙස පිළිගන්නා ලද අතර, අනතුරුව සම්භාවනීය ආරාධිතයින් සම්ප්‍රදායික පොල් තෙල් පහන දල්වා උත්සවයේ ආරම්භය සනිටුහන් කළහ. පෙර පාසලේ ඉගෙනුම ලබන සියලුම දරු දැරියන්ගේ සහභාගීත්වයෙන් විවිධප්‍රසංගය පැවැත් වූ අතර, දරු දැරියන්ගේ නර්ථනාංග සහ විවිධ කලා කුසලතාවයන් එම අවස්ථාවට සහභාගී වූ පිරිස වෙත ඉදිරිපත් කරනු ලැබූහ.

උත්සව අවස්ථාවට 11 පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් ආර්.එම්.එම් රණසිංහ ඩබ්ලිව්ඩබ්ලිව්පී ආර්ඩබ්ලිව්පී ආර්එස්පී හා නියෝජ්‍ය සේනාවිධායක බ්‍රිගේඩියර් කේ.එම්.ඩබ්ලිව් බණ්ඩාර ආර්එස්පී,111 පාබල බලසේනාවේ බලසේනාංකාධිපති බ්‍රිගේඩියර් එන්.එස්.එස් ඩයස් ආර්එස්පී, ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, නිලධාරීන්, දෙමාපියන්, පෙර පාසල් කාර්යය මණ්ඩලය සහභාගි වූහ.