Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදා
සේවා වනිතා ඒකකය

09th November 2023 21:06:51 Hours

කෘෂිකර්ම හා පශු සම්පත් බලකා සේවා වනිතා ශාඛාව මගින් ගාල්ල, රන්දෙණිගම ප්‍රාථමික විද්‍යාලයට පරිත්‍යාගයක්

කෘෂිකර්ම හා පශු සම්පත් බලකා සේවා වනිතා ශාඛාව මගින් ගාල්ල, රන්දෙණිගම ප්‍රාථමික විද්‍යාලයේ ළමුන් සඳහා පාසල් උපකරණ සහ ජල පිරිපහදු ඒකකයක් ලබාදීමේ සමාජ සත්කාරක වැඩසටහනක් පසුගිය සඳුදා (නොවැම්බර් මස 06) දින පැවැත්වූහ.

කෘෂිකර්ම හා පශු සම්පත් බලකායේ නිලධාරීන්, සෙසු නිලයින් සහ එම බලකා සේවා වනිතා ශාඛාවේ සාමාජිකාවන්ගේ අනුග්‍රාහකත්වය මත මෙම පරිත්‍යාග වැඩසටහන සිදුකරනු ලැබීය.

කෘෂිකර්ම හා පශු සම්පත් බලකා සේවා වනිතා ශාඛාවේ වාර්ෂික මහා සභා රැස්වීමද පසුගිය ඉරිදා (නොවැම්බර් මස 05) දින එම රෙජිමේන්තු මධ්‍යස්ථානයේදී පැවැත්විණි.