Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදා
සේවා වනිතා ඒකකය

09th November 2023 20:59:43 Hours

අනුරාධපුර ‘විරු කැකුළු’ පෙර පාසල් ළමුන්ගේ වාර්ෂික විවිධප්‍රසංගය සාර්ථකව අවසන්

අනුරාධපුර ‘විරු කැකුළු’ පෙර පාසලේ ඉගෙනුම ලබන ළමුන්ගේ වාර්ෂික විවිධප්‍රසංගය යුද්ධ හමුදා සේවා වනිතා ඒකකයේ සාමාජිකා සහ එම පෙර පාසලේ ප්‍රධානී නෙලූකා නානායක්කාර මහත්මිගේ ප්‍රධානත්වයෙන් පසුගිය සඳුදා (නොවැම්බර් මස 06) දින පැවැත්විණි.

උත්සව අවස්ථාවට පැමිණි නෙලූකා නානායක්කාර මහත්මිය විරු කැකුළු පෙර පාසලේ කුඩා දැරියක් විසින් ඉතා උණුසුම් ලෙස පිළිගන්නා ලද අතර, අනතුරුව සම්භාවනීය ආරාධිතයින් සම්ප්‍රදායික පොල් තෙල් පහන දල්වා උත්සවයේ ආරම්භය සනිටුහන් කළහ. පෙර පාසලේ ඉගෙනුම ලබන සියලුම දරු දැරියන්ගේ සහභාගීත්වයෙන් විවිධප්‍රසංගය පැවැත් වූ අතර, දරු දැරියන්ගේ නර්ථනාංග සහ විවිධ කලා කුසලතාවයන් එම අවස්ථාවට සහභාගී වූ පිරිස වෙත ඉදිරිපත් කරනු ලැබූහ.

උත්සව අවස්ථාවට ආරක්‍ෂක සේනා ආඥාපති - වන්නි, මේජර් ජෙනරල් ඩබ්ලිව්.පී.ඒ.ඩී.ඩබ්ලිව් නානායක්කාර ආර්එස්පී වීඑස්වී යූඑස්පී එන්ඩීයූ, 21 පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් අයි.ඒ.එන්.බී පෙරේරා ආර්ඩබ්ලිව්පී යූඑස්පී එන්ඩීයූ පීඑස්සී, ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, නිලධාරීන්, දෙමාපියන්, පෙර පාසල් කාර්යය මණ්ඩලය, සහභාගි වූහ.