Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදා
සේවා වනිතා ඒකකය

08th November 2023 22:43:56 Hours

විශේෂ බලකා සේවා වනිතා ශාඛාවේ සම්බන්ධීකරණයෙන් ගැබිනි මව්වරුන් සඳහා අත්‍යාවශ්‍ය ද්‍රව්‍ය පරිත්‍යාග කිරීමේ වැඩසටහනක්

විශේෂ බලකා සේවා වනිතා ශාඛාවේ සභාපතිනි අනෝජා පීරිස් මහත්මියගේ සම්බන්ධීකරණයෙන් හා ව්‍යවසායක සංජය විතානගේ මහතාගේ අනුග්‍රාහකත්වය මත විශේෂ බළකායේ සාමාජිකයින්ගේ සහ සිවිල් සේවක මහතුන්ගේ දරු ප්‍රසූතියට සූදානම්ව සිටින භාර්යාවන් සඳහා රුපියල් ලක්ෂ 25 කට අධික අත්‍යාවශ්‍ය ද්‍රව්‍ය පරිත්‍යාග කිරීමේ වැඩසටහනක් පසුගියදා පැවැත්වීය.

නාඋල, විශේෂ බලකා රෙජිමේන්තු මධ්‍යස්ථානය වෙත පැමිණි සංජය විතානගේ මහතා සහ ඔහුගේ පවුලේ සාමාජිකයින් විශේෂ බලකා සේවා වනිතා ශාඛාවේ සභාපතිනිය විසින් උණුසුම් අයුරින් පිළිගන්නා ලදී.

උත්සව අවස්ථාව සඳහා විශේෂ බළකායේ බලකාධිපති සහ 57 පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් ජේ.පී.සී පීරිස් ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයූ සහ විශේෂ බලකා රෙජිමේන්තු මධ්‍යස්ථානයේ මධ්‍යස්ථාන සේනාවිධායක බ්‍රිගේඩියර් ආර්.පී.එස් ප්‍රසාද් ආර්ඩබ්ලිව්පී ආර්එස්පී යූඑස්පී සහභාගී වූහ.

උත්සව අවස්ථාවේදී පරිත්‍යාගශීලී සංජය විතානගේ මහතා ඇතුළු පවුලේ සාමාජිකයින් වෙත විශේෂ බළකායේ බලකාධිපතිතුමන් ඇගයීමේ සමරු තිළිණයක් ප්‍රදානය කරමින් සිය කෘතවේදීත්වය පළ කළේය. අනතුරුව අනෝජා පීරිස් මහත්මිය විසින් සංජය විතානගේ මහත්මිය සහ සුරංගි ද සිල්වා මහත්මිය වෙතද ඇගයීමේ සමරු තිළිණයක් පිරිනමන ලදී. එහිදී විශේෂ බළකායේ බලකාධිපතිතුමන්, මෙම සත්කාරක වැඩසටහන සඳහා ලුතිනන් කර්නල් ජේ.එස්.ආර්. ප්‍රනාන්දු ආර්ඩබ්ලිව්පී යූඑස්පී පරිත්‍යාගශීලීන් සම්බන්ධීකරණය කරමින් ලබාදුන් සහයෝගය පිළිබඳව සිය කෘතවේදීත්වය පළ කළේය.