Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදා
සේවා වනිතා ඒකකය

07th November 2023 20:33:43 Hours

යුද්ධ හමුදා සන්නද්ධ බුද්ධි බලකා සේවා වනිතා ශාඛාව මගින් පාසල් ළමුන් සඳහා ශිෂ්‍යත්ව ප්‍රධානයක්

ලෝක ළමා දිනය වෙනුවෙන් යුද්ධ හමුදා සන්නද්ධ බුද්ධි බලකා සේවා වනිතා ශාඛාව මගින් එම බලකායේ සාමාජිකයන්ගේ පාසල් අධ්‍යාපනය ලබන සිසුන් 44 දෙනෙකු සඳහා පාසල් උපකරණ සහ පාවහන් බෙදාදීමේ වැඩසටහනක් කරන්දෙණිය, සන්නද්ධ බුද්ධි බලකා රෙජිමේන්තු මධ්‍යස්ථානයේදී පසුගිය අඟහරුවාදා (ඔක්තෝබර් මස 24) දින පවත්වන ලදී.

යුද්ධ හමුදා සන්නද්ධ බුද්ධි බලකායේ බලකාධිපති මේජර් ජෙනරල් එල්.සී.ආර් ජයසූරිය ආර්එස්පී එන්ඩීසී පීඑස්සී ගේ උපදෙස් මත එම බලකා සේවා වනිතා ශාඛාවේ සභාපතිනී රාජිතා ජයසූරිය මහත්මියගේ මඟපෙන්වීම යටතේ මෙම වැඩසටහන ක්‍රියාත්මක කරනු ලැබීය.

එහිදී, 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයෙන් විශිෂ්ට දස්කම් දැක්වූ සිසුන් 05 දෙනෙකු සඳහා මාසිකව රු. 2000.00 බැගින් රු.10,000.00 ක්ද අ.පො.ස (සා.පෙළ) සහ අ.පො.ස (උ.පෙළ) විභාගවලින් දස්කම් දැක්වූ සිසුන් හට පිළිවෙලින් රු. 15,000.00 සහ රු.20,000.00 බැගින් වු ශිෂ්‍යත්ව පිරිනැමිණි.

ස්නායු රෝගයකින් සහ ඔටිසම් රෝගයෙන් පෙළෙන ආබාධිත දරුවන් දෙදෙනෙකු වෙත ලංකා බැංකුවේ රු.32,500.00 බැගින් වූ බැංකු ගිණුම් විවෘත කරදීමද එම අවස්ථාවේදී සිදුවිය.

වැඩසටහන සඳහා සන්නද්ධ බුද්ධි බලකා සේවා වනිතා ශාඛායේ ජ්‍යෙෂ්ඨ සාමාජිකාවන්, යුද්ධ හමුදා ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, නිලධාරීන් සහ සෙසු නිලයින් සහභාගී වූහ.