Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදා
සේවා වනිතා ඒකකය

08th November 2023 10:21:31 Hours

යුද්ධ හමුදා සේවා වනිතා ඒකකයේ මාසික රැස්වීම සාර්ථකව පැවැත්වේ

යුද්ධ හමුදා සේවා වනිතා ඒකකයේ මාසික රැස්වීම එම ඒකකයේ සභාපතිනි ජානකී ලියනගේ මහත්මියගේ ප්‍රධානත්වයෙන් යුද්ධ හමුදා මූලස්ථානයේදී අඟහරුවාදා (නොවැම්බර් මස 07) දින පැවැත්විණි.

උත්සවයේ කටයුතු ආරම්භ කරමින් සම්ප්‍රදායික පොල් තෙල් පහන දල්වා යුද්ධ හමුදා සේවා වනිතා ඒකකයේ තේමා ගීතය ගායනා කර, රට වෙනුවෙන් දිවිපිදූ වීරෝදාර රණවිරුවන් සිහිපත් කිරමින් මිනිත්තු දෙකක නිශ්ශබ්දතාවයක් පැවැත්වූ අතර, යුද්ධ හමුදා නර්තන කණ්ඩායම විසින් ඉදිරිපත් කරන ලද අංලකාරවත් පිළිගැනීමේ නර්තනාංගයයෙන් රැස්වීම කටයුතු ආරම්භය විය. අනතුරුව, යුද්ධ හමුදා සේවා වනිතා ඒකකය විසින් සිදුකරනු ලැබූ ව්‍යාපෘතින් පිළිබඳව විස්තර ඇතුලත් වාර්තාමය කෙටි වීඩියෝ පටයක්ද ඉදිරිපත් කළේය.

යුද්ධ හමුදා සේවා වනිතා ඒකකයේ විධායක ලේකම් කපිතන් එම්.ඒ.ඩබ්ලව් නිමාෂා විසින් රැස්වීමේ වාර්තාව ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මාසික රැස්වීමේ කටයුතු ආරම්භ විය. අනතුරුව භාණ්ඩාගාරික මේජර් පී.ජී.පී.සී කුමාරි විසින් අයවැය සහ ගිණුම් ලේඛන සභාව වෙත ඉදිරිපත් කරන ලදී.

ජානකී ලියනගේ මහත්මිය අනතුරුව සාමාජිකාවන් අමතමින් සිදුකිරීමට අපේක්ෂිත සුබසාධන ව්‍යාපෘති කටයුතු මෙන්ම ඉදිරි වැඩසටහන් පිළිබඳවද විස්තර කළාය.

උත්සවය අතරතුරදී ශ්‍රී ලංකා සංඥා බලකායේ සාමාජිකයෙකුගේ මවක් වෙත ශ්‍රවණාධාර කට්ටලයක් සහ යුද්ධ හමුදා සාමාජිකයෙකුගේ භාර්යාවක් වෙත මහන මැෂිමක් ප්‍රදානය කරන ලදී.

ජානකී ලියනගේ මහත්මිය එහිදී යුද්ධ හමුදාවේ සාමාජිකයන් දෙදෙනෙකුගේ අර්ධ වශයෙන් ඉදිකරන ලද නිවාසයන් නිම කිරීම සඳහා රුපියල් ලක්‍ෂ 6 ක සහ රුපියල් ලක්‍ෂ 4.5 මුදලක්ද ප්‍රධානය කරනු ලැබීය.

යුද්ධ හමුදා සාමාජිකයන්ගේ ජීවන තත්ත්වය නඟා සිටුවීම සඳහා කටයුතු කිරීමේදී මෙම ඒකකයේ සාමාජිකාවන්ගේ එකමුතුකම සංකේතවත් කරමින් යුද්ධ හමුදා සේවා වනිතා ඒකකයේ සියලුම සාමාජිකාවන් රැස්වීමේ කටයුතු අවසන් කරමින් සමූහ ඡායාරූපයක් සඳහාද පෙනී සිටියහ.