Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදා
සේවා වනිතා ඒකකය

07th November 2023 20:39:02 Hours

ගැමුණු හේවා බලකා සේවා වනිතා ශාඛාව මගින් ‘මිතුරු මිතුරෝ‘ ළමා නිවාසයේ ළමුන්ට ත්‍යාග ප්‍රදානය කරයි

ලෝක ළමා දිනයට සමගාමීව ගැමුණු හේවා බලකා සේවා වනිතා ශාඛාව සහ 8 ගැමුණු හේවා බලකාය එක්ව පැල්මඩුල්ල, ‘මිතුරු මිතුරෝ’ ළමා නිවාසයේ නේවාසිකව සිටින ළමුන් වෙනුවෙන් වැඩසටහනක් පසුගිය ඉරිදා (ඔක්තෝබර් මස 29) දින පවත්වන ලදී.

ගැමුණු හේවා බලකා සේවා වනිතා ශාඛාවේ සභාපතිනි මනෝරි වෙලගෙදර මහත්මියගේ උපදෙස් මත 8 ගැමුණු හේවා බලකායේ අණදෙන නිලධාරීතුමන්ගේ සහය ඇතිව මෙම වැඩසටහන ක්‍රියාත්මක කරනු ලැබීය.

මව්පියන් නොමැතිව දිවිගෙවන එම දරුවන්ට විනෝදාස්වාදය ගෙන දෙන වැඩසටහන් කිහිපයක් පැවැත්වීමෙන් පසුව පාසල් උපකරණ තොගයක් ඔවුන් වෙත තිළිණ කරන ලදී.

ළමුන්ට විනෝදාස්වාදයක් ගෙනදුන් මෙම වැඩසටහන අවසානයේදී එම ළමුන් වෙත විශේෂ ත්‍යාග ප්‍රදානයක් සිදුකරන ලද අතර, අනතුරුව තේ පැන් සංග්‍රහයක් සහ දිවා භෝජන සංග්‍රහයක්ද පිරිනැමීය.