Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදා
සේවා වනිතා ඒකකය

04th November 2023 22:47:07 Hours

සන්නද්ධ බුද්ධි බලකා සේවා වනිතා ශාඛාවේ සම්බන්ධීකරණයෙන් සමාජ සත්කාරක වැඩසටහනක්

යුද්ධ හමුදා සන්නද්ධ බුද්ධි බලකා සේවා වනිතා ශාඛාවේ සම්බන්ධීකරණයෙන් 2021 වසරේ අභාවප්‍රාප්ත වූ එම බලකායේ ජ්‍යෙෂ්ඨ කොමිෂන් නොලත් නිලධාරියෙකුගේ පවුලක් සඳහා දානපතියන් පිරිසකගේ අනුග්‍රාහකත්වය ඇතිව submersible ජල පොම්පයක් සහ ලීටර් 1000 ක ජල ටැංකියක් ඇතුළු සනීපාරක්‍ෂ පහසුකම් සහිත නානා කාමරයක් ඉදිකර දෙනු ලැබීය.

දරුවන් 05 දෙනෙකු සිටින වරකාපොල ප්‍රදේශයේ පදිංචි එම පවුලේ සනීපාරක්‍ෂ පහසුකම් අවශ්‍යතාවයන් පිළිබඳව යුද්ධ හමුදා සන්නද්ධ බුද්ධි බලකා සේවා වනිතා ශාඛාව දැනුවත් වීමෙන් එම සේවා වනිතා ශාඛාවේ සභාපතිනි රාජිත ජයසූරිය මහත්මියගේ උපදෙස් මත අදාප පහසුකම් ලබාදීමේ කටයුතු සිදුකරනු ලැබීය.

සන්නද්ධ බුද්ධි බලකා රෙජිමේන්තු මධ්‍යස්ථානයේ සහය ඇතිව 5 සන්නද්ධ බුද්ධි බලකායේ භටපිරිස් විසින් එම ඒකකයේ මේජර් බී.කේ.එන්.එම් කැකුලාවල එම්අයි ගේ අධීක්ෂණය හා සම්බන්ධීකරණය යටතේ මෙම ඉදිකිරීම් කටයුතු සිදු කරන ලදී.

ඉදිකිරීම් කටයුතු සඳහා පරිත්‍යාගශීලීන් විසින් රුපියල් 400,000.00 කට ආසන්න මුල්‍ය ආධාර ලබා දුන්හ. පසුගිය අඟහරුවාදා (ඔක්තෝබර් මස 10) දින මේජර් බී.කේ.එන්.එම් කැකුලාවල එම්අයි විසින් සනීපාරක්‍ෂ පහසුකම් සහිත නානා කාමරය ප්‍රථිලාභී පවුල වෙත පවරා දෙනු ලැබීය.