Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදා
සේවා වනිතා ඒකකය

04th November 2023 22:52:01 Hours

මින්නේරිය ‘විරු කැකුළු’ පෙර පාසල් ළමුන්ගේ වාර්ෂික විවිධප්‍රසංගය සාර්ථකව පවත්වයි

මින්නේරිය ‘විරු කැකුළු’ පෙර පාසලේ වාර්ෂික විවිධප්‍රසංගය පසුගිය සිකුරාදා (ඔක්තොම්බර් මස 03) දින ගිරිතලේගම මධ්‍ය මහා විද්‍යාලයේදී පැවැත්විණි.

උත්සව අවස්ථාවට ප්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් රුවීනා මෙත්තානන්ද මහත්මිය සහභාගී විය.

උත්සව අවස්ථාවට රුවීනා මෙත්තානන්ද මහත්මිය විරු කැකුළු පෙර පාසලේ කුඩා දැරියක් විසින් ඉතා උණුසුම් ලෙස පිළිගන්නා ලද අතර, අනතුරුව සම්භාවනීය ආරාධිතයින් සම්ප්‍රදායික පොල් තෙල් පහන දල්වා උත්සවයේ ආරම්භය සනිටුහන් කළහ.

පෙර පාසලේ ඉගෙනුම ලබන සියලුම දරු දැරියන්ගේ සහභාගීත්වයෙන් විවිධප්‍රසංගය පැවැත් වූ අතර, එහිදී දරු දැරියන් නර්ථනාංග සහ විවිධ කලා කුසලතාවයන් එම අවස්ථාවට සහභාගී වූ පිරිස වෙත ඉදිරිපත් කරනු ලැබූහ.

උත්සවය අවසානයේ දී රුවීනා මෙත්තානන්ද මහත්මිය දක්‍ෂතා දැක්වූ දරු දැරියන් සඳහා ත්‍යාග බෙදාදීම සඳහාද එක්විය.

උත්සව අවස්ථාවට ආඥාපති ඉදිරි නඩත්තු පෙදෙස - නැගෙනහිර මේජර් ජෙනරල් එම්.ඩබ්ලිව්.ටී.සී මෙත්තානන්ද යූඑස්පී එන්ඩීයූ, යුද්ධ හමුදා සේවා වනිතා ඒකකයේ සාමාජිකාවන්, යුද්ධ හමුදා ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, නිලධාරීන්, පෙර පාසල් කාර්යය මණ්ඩලය, ගුරුවරුන් සහ දෙමාපියන් සහභාගී වූහ.