Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදා
සේවා වනිතා ඒකකය

02nd November 2023 20:28:37 Hours

ගාල්ල ‘විරු කැකුළු’ පෙර පාසල් ළමුන්ගේ වාර්ෂික විවිධප්‍රසංගය සාර්ථකව පවත්වයි

ගාල්ල ‘විරු කැකුළු’ පෙර පාසලේ වාර්ෂික විවිධප්‍රසංගය පසුගිය අඟහරුවාදා (ඔක්තොම්බර් මස 31) දින යුද්ධ හමුදා සේවා වනිතා ඒකකයේ සභාපතිනි ජානකී ලියනගේ මහත්මියගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.

උත්සව අවස්ථාවට සපැමිණි ජානකී ලියනගේ මහත්මිය විරු කැකුළු පෙර පාසලේ කුඩා දැරියක් විසින් ඉතා උණුසුම් ලෙස පිළිගන්නා ලද අතර, අනතුරුව සම්භාවනීය ආරාධිතයින් සම්ප්‍රදායික පොල් තෙල් පහන දල්වා උත්සවයේ ආරම්භය සනිටුහන් කළහ.

පෙර පාසලේ ඉගෙනුම ලබන සියලුම දරු දැරියන්ගේ සහභාගීත්වයෙන් විවිධප්‍රසංගය පැවැත් වූ අතර, එහිදී දරු දැරියන් නර්ථනාංග සහ විවිධ කලා කුසලතාවයන් එම අවස්ථාවට සහභාගී වූ පිරිස වෙත ඉදිරිපත් කරනු ලැබූහ.

උත්සවය අවසානයේ දී ජානකී ලියනගේ මහත්මිය දක්‍ෂතා දැක්වූ දරු දැරියන් සඳහා ත්‍යාග බෙදාදීම සඳහාද එක්විය.

උත්සව අවස්ථාවට 61 පාබල බලසේනාවේ බලසේනාධිපති මේජර් ජෙනරල් ආර්.ඒ.ජේ.එන් රණසිංහ ආර්එස්පී යූඑස්පී එන්ඩීයූ, ගාල්ල විරු කැකුළු පෙර පාසලේ ප්‍රධානී සෞම්‍යා රණසිංහ මහත්මිය, යුද්ධ හමුදා සේවා වනිතා ඒකකයේ බ්‍රිගේඩියර් සම්බන්ධීකරණ නිලධාරී බ්‍රිගේඩියර් එන් මහවිතාන, යුද්ධ හමුදා ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, නිලධාරීන්, පෙර පාසල් කාර්යය මණ්ඩලය, ගුරුවරුන් සහ දෙමාපියන් සහභාගී වූහ.