Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදා
සේවා වනිතා ඒකකය

02nd November 2023 20:03:45 Hours

යුද්ධ හමුදා සේවා බලකා සේවා වනිතා ශාඛාවේ නව සභාපතිනිය රාජකාරි අරඹයි

ශ්‍රී ලංකා යුද්ධ හමුදා සේවා බලකා සේවා වනිතා ශාඛාවේ නව සභාපතිනිය ලෙස චන්ද්‍රිකා රාජපක්ෂ මහත්මිය පසුගිය සිකුරාදා (ඔක්තෝබර් මස 20) දින එම බලකා රෙජිමේන්තු මධ්‍යස්ථානයේදී පැවති උත්සවයකදී මහා සංඝරත්නයේ සෙත් පිරිත් සජ්ඣායනා මධ්‍යයේ රාජකාරි භාරගත්තේය.

උත්සවය අවස්ථාවට ශ්‍රී ලංකා යුද්ධ හමුදා සේවා බලකා සේවා වනිතා ශාඛාවේ ජ්‍යෙෂ්ඨ සාමාජිකාවන්, යුද්ධ හමුදා ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, නිලධාරීන් සහ සෙසු නිලයින් සහභාගී වූහ.