Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදා
සේවා වනිතා ඒකකය

02nd November 2023 20:08:45 Hours

යුද්ධ හමුදා කාන්තා බලකා රෙජිමේන්තු මධ්‍යස්ථානයේදී ‘පියයුරු පිළිකා සහ ගැබ්ගෙල පිළිකා’ පිළිබඳ දැනුවත් කිරිමේ දේශනයක්

කොළඹ, යුද්ධ හමුදා මූලික රෝහලේ ප්‍රසව හා නාරි වෛද්‍ය කපිතන් එල්.ඒ.ඩ්.ජි චන්ද්‍රසිරි විසින් බොරැල්ල, ශ්‍රී ලංකා යුද්ධ හමුදා කාන්තා බලකා රෙජිමේන්තු මධ්‍යස්ථානයේදී ‘පියයුරු පිළිකා සහ ගැබ්ගෙල පිළිකා’ පිළිබඳ හරවත් දේශනයක් පසුගිය සඳුදා (ඔක්තෝබර් මස 23) දින පවත්වන ලදී.

ශ්‍රී ලංකා යුද්ධ හමුදා කාන්තා බළකා සේවා වනිතා ශාඛාවේ සභාපතිනී ශ්‍යාමලී විජේසේකර මහත්මියගේ උපදෙස් මත පැවති මෙම දේශනය සඳහා ශ්‍රී ලංකා යුද්ධ හමුදා කාන්තා බලකායේ සියලුම නිලධාරිනියන් සහ සෙසුනිලයින් සහභාගී වූහ.

දේශනයේදී වෛද්‍ය කපිතන් එල්.ඒ.ඩ්.ජි චන්ද්‍රසිරි විසින් පියයුරු සහ ගැබ්ගෙල පිළිකා ගැටළු සම්බන්ධව සිය සේවාකාලය තුළ ලබාගත් අත්දැකිම් අනුව සහභාගී වූ පිරිස වෙත අදාල ගැටළු සඳහා පිළිතුරු ලබාදෙන ලදී.