Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදා
සේවා වනිතා ඒකකය

26th October 2023 07:11:32 Hours

ගැමුණු හේවා බලකා සේවා වනිතා ශාඛාවේ මුලිකත්වයෙන් පාසල් සිසු සිසුවියන්ට ශිෂ්‍යත්ව පිරිනැමේ

ගැමුණු හේවා බලකා සේවා වනිතා ශාඛාවේ මුලිකත්වයෙන් එම බලකා සාමාජිකයන්ගේ පවුල්වල අපොස (උ/පෙළ) සමත් සිසු සිසුවියන් වෙත රුපියල් 25,000/= බැගින් වූ ශිෂ්‍යත්ව ප්‍රදානය කිරීමේ වැඩසටහනක් පසුගිය බ්‍රහස්පතින්දා (ඔක්තෝබර් මස 19) දින එම රෙජිමේන්තු මධ්‍යස්ථානයේදී ක්‍රියාත්මක කරනු ලැබීය.

මෙම ව්‍යාපෘතිය සඳහා අවශ්‍ය මූල්‍යමය අනුග්‍රාහකත්වය ගැමුණු හේවා බලකා සේවා වනිතා ශාඛාවේ සභාපතිනි මනෝරි වෙලගෙදර මහත්මිය, Fonterra Private Limited සමාගම සහ ගැමුණු හේවා බලකා සේවා වනිතා ශාඛාවේ හිටපු සාමාජිකාවක් වන මුම්තාස් මහත්මිය විසින් ලබාදෙනු ලැබීය.

අපොස (සා/පෙළ) සහ අපොස (උ/පෙළ) විභාගයන් සඳහා සූදානම් වන සිසු සිසුවියන් වෙනුවෙන් පාසල් උපකරණ පරිත්‍යාග කිරීමක්ද මෙම වැඩසටහනට සමගාමීව ක්‍රියාත්මක කෙරිණි. පසුව, පාසල් සිසු සිසුවියන් සහ එම රෙජිමේන්තුවේ සෙසුනිලයන් වෙනුවෙන් ‘ශ්‍රී ලංකා සිවිල් නීතිය සහ මත්ද්‍රව්‍ය නිවාරණය’ මැයෙන් විශේෂ දේශනයක් ද පැවැත්වීමෙන් අනතුරුව ගැමුණු හේවා බලකා සේවා වනිතා ශාඛාවේ ජ්‍යෙෂ්ඨ සාමාජිකාවන්, ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, නිලධාරීන් සහ සෙසුනිලයන් දිවා භෝජන සංග්‍රහයකට සහභාගී වූහ.