Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදා
සේවා වනිතා ඒකකය

30th October 2023 22:35:37 Hours

ශ්‍රී ලංකා ඉංජිනේරු බලකා සේවා වනිතා ශාඛාවේ මූලිකත්වයෙන් ‘Sappers’ Retro Musical Concert, 'Evergreens of the 70s’ සංගීත වැඩසටහනක්

දිවංගත රණවිරුවන්ගේ පවුල්වල‍ සාමාජිකයන්, රණක්‍ෂිතයට පත් රණවිරුවන් සහ සේවයේ නියුතු නිලධාරීන්ගේ සහ සෙසුනිලයන්ගේ සුබසාධන කටයුතු වෙනුවෙන් අරමුදල් රැස්කිරීමේ අරමුණින් මෙම වැඩසටහන සංවිධානය කරනු ලැබීය.

ආරක්‍ෂක සේනා ආඥාපති - මුලතිව් සහ ශ්‍රී ලංකා ඉංජිනේරු බලකායේ බලකාධිපති මේජර් ජෙනරල් එම්.කේ. ජයවර්ධන ආර්එස්පී වීඑස්වී යූඑස්පි එන්ඩීයූ ගේ මඟපෙන්වීම මත මෙම වැඩසටහන පැවැත්වීය.

මෙම වැඩසටහන ක්‍රියාත්මක කිරීම සඳහා ශ්‍රී ලංකා ඉංජිනේරු බලකා සේවා වනිතා ශාඛාවේ සභාපතිනී ෂම්මි ජයවර්ධන මහත්මිය ප්‍රමුඛ එම සේවා වනිතා ශාඛාවේ සාමාජිකාවන් සහ ශ්‍රී ලංකා ඉංජිනේරු බලකා රෙජිමේන්තු මූලස්ථානයේ සියලු නිලයන්ගේ සහයෝගය හිමිවූහ.

චන්දිමාල් ප්‍රනාන්දු ප්‍රමුඛ සංගීත කණ්ඩායමේ මෙහෙයවීමෙන් පැවති මෙම සංගීතමය වැඩසටහන සඳහා 1970 දශකයේ ශ්‍රී ලාංකීය සංගීත ක්ෂේත්‍රයේ ජනප්‍රිය ගායන ශිල්පීන් 16 දෙනෙකු සහභාගී වූ අතර චන්දන වික්‍රමසිංහ ප්‍රමුඛ නර්තන කණ්ඩායමේ නර්තන අංගයන්ගෙන් මෙම වැඩසටහන වර්ණවත් විය.