Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදා
සේවා වනිතා ඒකකය

26th October 2023 07:13:51 Hours

ලෝක ළමා දිනය වෙනුවෙන් ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොලිස් හේවා බලකා සේවා වනිතා ශාඛාවේ මුලිකත්වයෙන් වැඩසටහනක්

ලෝක ළමා දිනයට සමගාමීව ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොලිස් හේවා බලකා සේවා වනිතා ශාඛාව වෙතින් පසුගිය සෙනසුරාදා (ඔක්තෝබර් මස 21) දින වැඩසටහනක් සංවිධානය කරනු ලැබීය.

මෙම උත්සවයේදී රත්මලාන අන්ධ විද්‍යාලයේ ළමුන් 90 දෙනෙකු වෙනුවෙන් ආහාර, ඖෂධ සහ සනීපාරක්‍ෂක ද්‍රව්‍ය ඇතුළත් අත්‍යාවශ්‍ය ද්‍රව්‍ය පාර්සල් පරිත්‍යාග කෙරිණී.

ශ්‍රී ලංකා යුද්ධ හමුදා විනයාරක්‍ෂාධිපති සහ ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොලිස් හේවා බලකායේ බලකාධිපති මේජර් ජෙනරල් ඒ.සී.ඒ. ද සොයිසා යුඑස්පි එච්ඩ්එම්සි එල්එස්සිගේ මඟපෙන්වීම සහ ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොලිස් හේවා බලකා සේවා වනිතා ශාඛාවේ සභාපතිනි ප්‍රියන්තිකා ද සොයිසා මහත්මියගේ මගපෙන්වීම යටතේ මෙම වැඩසටහන ක්‍රියාත්මක කෙරිණි.

මෙහිදී, ළමුන් වෙනුවෙන් දිවා භෝජන සංග්‍රහයක් සහ විනෝදාත්මක වැඩසටහනක් පැවැත්විණි. මෙම අවස්ථාව සඳහා ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොලිස් හේවා බලකා සේවා වනිතා ශාඛාවේ සාමාජිකාවන්, ජ්‍යෙෂ්ඨ නිලධාරින්, නිලධාරින් සහ සෙසුනිලයන් පිරිසක් සහභාගී වූහ.