Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදා
සේවා වනිතා ඒකකය

20th October 2023 09:46:21 Hours

ශ්‍රී ලංකා විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරු බලකා සේවා වනිතා ශාඛාවේ මූලිකත්වයෙන් රෝද පුටුවක් පරිත්‍යාග කරයි

ශ්‍රී ලංකා විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරු බලකා සේවා වනිතා ශාඛාවේ සභාපතිනී නන්දනී සමරකෝන් මහත්මියගේ උපදෙස් මත එම රෙජිමේන්තුවේ සේවයේ නියුතු සිවිල් සේවක මහතෙකුගේ බිරිඳක් වෙත රෝද පුටුවක් පසුගිය සෙනසුරාදා (ඔක්තෝම්බර් මස 02) දින ශ්‍රී ලංකා විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරු පුහුණු පාසලේදී පරිත්‍යාග කරන ලදී.

එම සිවිල් සේවක මහතාගේ බිරිඳගේ දකුණු පාදය ශල්‍යකර්මයකට භාජනය කර පාදයේ දණහිසින් පහල කොටස ඉවත්කර ඇත.