Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදා
සේවා වනිතා ඒකකය

20th October 2023 10:11:29 Hours

5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය සඳහා සූදානම් වන සිසු සිසුවියන් වෙනුවෙන් ‘පහට පහක්’ වැඩසටහන යුද්ධ හමුදාවේ මුලිකත්වයෙන්

5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය සඳහා සිසු සිසුවියන් සූදානම් කිරීමේ අරමුණින් කරගනිමින් ඉංජිනේරු සේවා බලකා සේවා වනිතා ශාඛාවේ මූලිකත්වයෙන් පසුගිය සිකුරාදා (2023 සැප්තැම්බර් මස 23) දින පනාගොඩ ප්‍රදේශයේ ස්ථාපිත ඉංජිනේරු සේවා බලකා රෙජිමේන්තු මූලස්ථානයේදී ‘පහට පහක්’ වැඩසටහන පැවැත්වීය.

ඉංජිනේරු සේවා බලකා සේවා වනිතා ශාඛාවේ සභාපතිනියගේ මඟපෙන්වීම යටතේ ක්‍රියාත්මක කරනු ලැබූය මෙම වැඩසටහනේදී එම බලකායේ නිලධාරීන් සහ සෙසුනිලයන් විසින් 5 ශ්‍රේණිය සිසු සිසුවියන් 100 දෙනෙකු වෙත විභාග ඉලක්ක කරගත් ආදර්ශ ප්‍රශ්නපත්‍ර බෙදාදෙනු ලැබීය. මෙම වැඩසටහන සඳහා කොළඹ රාජකීය විද්‍යාලයීය ආදි ශිෂ්‍ය සංගමයේ ප්‍රසාද් ලොකුබාලසූරිය මහතාගේ අනුග්‍රාහකත්වය හිමිවිය.

ලෝක ළමා දිනය නිමිත්තෙන් ඉංජිනේරු සේවා බලකා සේවා වනිතා ශාඛාවේ සභාපිතිනි සුරංගි අමරපාල මහත්මියගේ මඟපෙන්වීම මත එම බලකා සාමාජිකයින්ගේ දරු දැරියන් වෙනුවෙන් ළමා වැඩසටහනක් පසුගිය සෙනසුරාදා (2023 ඔක්තෝබර් මස 07) දින ක්‍රියාත්මක කරනු ලැබීය. විනෝදාත්මක ක්‍රීඩා සහ ක්‍රියාකාරකම් පැවති මෙම වැඩසටහන සඳහා සහභාගී වූ සියලුදෙනා වෙනුවෙන් ත්‍යාග පිරිනැමිණි.

සිසු සිසුවියන් වෙනුවෙන් පැවති සංගීත සංදර්ශනයෙන් අනතුරුව පිරිනැමු රසවත් දිවා භෝජන සංග්‍රහයෙන් පසු වැඩසටහනේ සමාප්තිය සනිටුහන් විය.