Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදා
සේවා වනිතා ඒකකය

20th October 2023 10:20:30 Hours

ශ්‍රී ලංකා පාබල හමුදාවේ මූලිකත්වයෙන් ශිෂ්‍යත්ව ප්‍රදානය කිරීමේ වැඩසටහනක්

ශ්‍රී ලංකා පාබල හමුදාවේ රෙජිමේන්තු අධිපති මේජර් ජෙනරල් එස්.ආර්.කේ. හෙට්ටිආරච්චි ආර්ඩබ්ලිව්පි ආර්එස්පී වීඑස්වී යූඑස්පී එන්ඩීයූ ගේ මඟපෙන්වීම සහ ශ්‍රී ලංකා පාබල හමුදා සේවා වනිතා ශාඛාවේ සභාපතිනි උත්පලා හෙට්ටිආරච්චි මහත්මියගේ අධීක්‍ෂණය මත එම රෙජිමේන්තුවේ දිවංගත සහ සේවයේ නියුතු රණවිරුවන්ගේ දරුවන් දිරිගැන්වීමේ අරමුණින් ඔවුන් වෙත ශිෂ්‍යත්ව ප්‍රදානය කිරීමේ වැඩසටහනක් පසුගිය දා ක්‍රියාත්මක කෙරිණී.

ශ්‍රී ලංකා පාබල හමුදා රෙජිමේන්තු මධ්‍යස්ථානයේදී පසුගිය සෙනසුරාදා (2023 ඔක්තෝම්බර් 14) දින පැවති මෙම වැඩසටහනේදී 2022 අ.පො.ස. (උ/පෙළ) විභාගයෙන් විශිෂ්ඨ දක්‍ෂතා දැක්වූ සිසු සිසුවියන් වෙත රු. 20,000.00 ක වටිනාකමකින් යුත් ශිෂ්‍යත්ව ප්‍රදානය කෙරිණී.

දරුවන් හතර දෙනෙකු හෝ ඊට වැඩි ප්‍රමාණයකින් සමන්විත පවුල්වල ආර්ථික දුෂ්කරතාවයන් සඳහා සහන සැලසීමේ අරමුණින් පළමු මාසය සඳහා රුපියල් 10,000 ක් සහ ඊළඟ මාස දෙක සඳහා රු. 20,000 ක මූල්‍යමය දිරිගැන්වීම් පරිත්‍යාග කෙරිණි.

මෙම වැඩසටහන අතරතුර, වෛද්‍ය රම්මි රූබන් විසින් ‘අන්තර් පුද්ගල චිකිත්සාව’ පිළිබඳ දැනුවත් කිරීමේ දේශනයක් පවත්වන ලදී. මෙම සැසිය මගින් සෞඛ්‍ය සම්පන්න සබඳතා ගොඩනඟා ගැනීම, අන්තර් පුද්ගල ගැටලු විසඳීම සහ දවසේ වැඩකටයුතු සාර්තක කරගැනිමට වටිනා අවස්ථාවක් සහ මඟපෙන්වීමක් ලබා දෙන ලදී.