Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදා
සේවා වනිතා ඒකකය

21st October 2023 07:27:38 Hours

යුද්ධ හමුදා සේවා බලකා සේවා වනිතා ශාඛාව මගින් ආබාධිත තත්ත්වයන්ගෙන් පෙළෙන දරුවන් සඳහා පරිත්‍යාග වැඩසටහනක්

ලෝක ළමා දිනය වෙනුවෙන් ශ්‍රී ලංකා යුද්ධ හමුදා සේවා බලකායේ සේවය කරන හමුදා සාමාජිකයින්ගේ පවුල් වල සිටින විවිධ ආබාධිත තත්ත්වයන්ගෙන් පෙළෙන දරුවන් සඳහා එම බලකායේ සේවා වනිතා ශාඛාව විසින් රෝද පුටු, ශ්‍රවණාධාර උපකරණ, පාසල් ලිපිද්‍රව්‍ය, නවීන නාන කාමර උපකරණ ඇතුළු අත්‍යාවශ්‍ය උපකරණ පරිත්‍යාග කිරීමේ වැඩසටහනක් පසුගිය ඉරිදා (ඔක්තෝම්බර් මස 01) දින පවත්වනු ලැබීය.

ශ්‍රී ලංකා යුද්ධ හමුදා සේවා බලකා සේවා වනිතා ශාඛාවේ සභාපතිනි තුෂාරි වනිගසේකර මහත්මියගේ උපදෙස් අනුව යුද්ධ හමුදා සේවා බලකා රෙජිමේන්තු මධ්‍යස්ථානයේදී මෙම වැඩසටහන පවත්වනු ලැබීය.

එහිදී යුද්ධ හමුදා සේවා බලකා සේවා වනිතා ශාඛාවේ මූල්‍යමය අනුග්‍රාහකත්වය මත විවිධ ආබාධිත තත්ත්වයන්ගෙන් පෙළෙන දරුවන් 15 දෙනෙකු වෙත ඖෂධ, පෝෂ්‍යදායි ආහාර ද්‍රව්‍ය, වියළි ආහාර සලාක, කිරිපිටි පාර්සල් ප්‍රධානය කරනු ලැබීය.

ශ්‍රී ලංකා යුද්ධ හමුදා සේවා බලකා සේවා වනිතා ශාඛාවේ සභාපතිනිය ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සහභාගී වූ මෙම උත්සව අවස්ථාව සඳහා එම ශාඛාවේ විධායක සාමාජිකාවන්ද සහභාගී වූහ.