Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදා
සේවා වනිතා ඒකකය

18th October 2023 21:17:46 Hours

යුද්ධ හමුදා සේවා වනිතා ඒකකයේ වාර්ෂික මහා සභා රැස්වීම සාර්ථකව පැවැත්වේ

යුද්ධ හමුදා සේවා වනිතා ඒකකයේ 39 වැනි වාර්ෂික මහා සභා රැස්වීම පසුගිය සඳුදා (ඔක්තෝබර් මස 16) දින එම ඒකකයේ සභාපතිනි ජානකී ලියනගේ මහත්මියගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.

උත්සවය ආරම්භ කරමින් යුද්ධ හමුදා සේවා වනිතා ගීතය ගායනා කරන ලද අතර, අනතුරුව රට වෙනුවෙන් දිවිපිදූ රණවිරුවන් සිහිකර විනාඩි දෙකක නිශ්ශබ්දතාවයක් පවත්වනු ලැබීය. එම අවස්ථාවට සියලුම රෙජිමේන්තු සේවා වනිතා ශාඛාවන්හි සභාපතිනියන් සහ යුද්ධ හමුදා සේවා වනිතා ඒකකයේ ජ්‍යෙෂ්ඨ සාමාජිකාවන් සහභාගී වූහ.

රැස්වීම අතරතුරදී, ජානකී ලියනගේ මැතිණියගේ ප්‍රධානත්වයෙන් විධායක කමිටුවේ පුරප්පාඩු වූ නිලධාරී තනතුරු පත්කරන ලදී.

සහකාර ලේකම් - ඔමිලා ජයවර්ධන මහත්මිය

මහජන සම්බන්ධතා නිලධාරිනී - නන්දනී සමරකෝන් මහත්මිය

සහකාර මහජන සම්බන්ධතා නිලධාරිනි - ශ්‍යාමලී විජේසේකර මහත්මිය

ව්‍යාපෘති භාර සම්බන්ධීකාරක නිලධාරිනි - දිලූපා පීරිස් මහත්මිය

ජානකී ලියනගේ මහත්මිය යුද්ධ හමුදා සේවා වනිතා ඒකකයේ ඉදිරි සැලසුම් සහ යෝජිත ව්‍යාපෘති පිළිබඳව එහිදී සාකච්ඡා කළේය. ඒම ඒකකයේ විධායක ලේකම් මේජර් එච්. වන්නිආරච්චි විසින් රැස්වීමේ වාර්තාව ඉදිරිපත් කිරීමෙන් අනතුරුව භාණ්ඩාගාරික මේජර් පී. කුමාරි විසින් යුද්ධ හමුදා සේවා වනිතා ඒකකයේ අයවැය සහ ගිණුම් ලේඛන සභාව වෙත ඉදිරිපත් කරන ලදී.

සාකච්ඡාවේදී ජානකී ලියනගේ මහත්මිය විධායක කමිටුවේ අදහස් හා යෝජනා විමසනු ලැබීය.

උත්සව අවස්ථාව අතරතුරදී ජානකී ලියනගේ මහත්මිය විසින් ලාන්ස් කෝප්‍රල් එච්.එම්.කේ.එල්.කේ හේරත් ගේ ශ්‍රවණාබාධිත දියණියක් වෙත ශ්‍රවණාධාර උපකරණ කට්ටලයක් සහ 9 ඉංජිනේරු සේවා බලකායේ මියගිය රණවිරුවෙකුගේ බිරිඳ විසින් පවත්වාගෙන යනු ලබන ලබන ස්වයං රැකියාවක් සඳහා ජුකී මහන මැෂිමක් ද පරිත්‍යාග කෙරිණි.

මහාචාර්ය හේමමාලි ගුණතිලක මහත්මිය විසින් වැඩසටහන අතරතුරදී ‘Diversity and Inclusion’ යන මැයෙන් කාලීන දේශනයක් පැවැත්වීය. සේවා වනිතා එ්කකයේ සියලුම ජ්‍යෙෂ්ඨ සාමාජිකාවන්ගේ සහභාගීත්වයෙන් පැවති සුහද තේ පැන් සංග්‍රහයෙන් අනතුරුව සමූහ ඡායාරූපයක් සඳහා පෙනී සිටින ලදී. ජාතික ගීය ගායනා කිරීමෙන් පසුව උත්සවයේ කටයුතු අවසන් විය. -