Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදා
සේවා වනිතා ඒකකය

18th October 2023 21:10:25 Hours

ශ්‍රී ලංකා යුධ හමුදා යුධෝපකරණ බලකායේ සේවා වනිතා ශාඛාව මගින් සමාජ සත්කාරක වැඩසටහනක්

ශ්‍රී ලංකා යුද්ධ හමුදා යුධෝපකරණ බලකා සේවා වනිතා ශාඛාව මගින් පාසල් ළමුන්ට උපකාර කිරීමේ අරමුණින් සමාජ සත්කාරක වැඩසටහනක් පසුගියදී සංවිධානය කරන ලදී.

යුද්ධ හමුදා යුධෝපකරණ බලකා සේවා වනිතා ශාඛාවේ සභාපතිනි බන්දුනි මාග්‍රට් රණසින් රණවක මහත්මියගේ උපදෙස් යටතේ ශ්‍රී ලංකා යුද්ධ හමුදා යුධෝපකරණ බලකායේ බලකාධිපති, මධ්‍යස්ථාන සේනාවිධායක සහ 4 වන ශ්‍රී ලංකා යුද්ධ හමුදා යුධෝපකරණ බලකායේ අණදෙන නිලධාරීගේ අධීක්‍ෂණය යටතේ වත්තේගම ‘සුරස’ ළමා සංවර්ධන මධ්‍යස්ථානයේ දී පසුගිය අඟහරුවාදා (අගෝස්තු මස 15) දින වැඩසටහනක් සංවිධානය කරන ලදී. එහිදී ළමුන් 28 දෙනෙකු සඳහා තෑගි පාර්සල්, වියළි ආහාර සලාක පාර්සල් සහ දිවා ආහාරය ප්‍රදානය කිරීමද සිදුකරන ලදී.

ශ්‍රී ලංකා යුද්ධ හමුදා යුධෝපකරණ පුහුණු පාසලේ 32 වැනි සංවත්සරය නිමිත්තෙන්ද, වත්තේගම ‘සුරස’ ළමා සංවර්ධන මධ්‍යස්ථානයේ ළමුන් සඳහා වියළි ආහාර සලාක පාර්සල් සහ තේ පැන් සංග්‍රහයක් ප්‍රධානය කිරීමේ වැඩසටහනක්ද පසුගිය බ්‍රහස්පතිනිදා (සැප්තැම්බර් මස 21) දින පවත්වන ලදී.

මානසිකව හා ශාරීරිකව දුබලතාවයන්ගෙන් පෙළෙන විවිධ වයස් කාණ්ඩවල ළමුන් 80 දෙනෙකු වෙත උපකාර කිරීමේ අරමුණින් එම පරිත්‍යාග වැඩසටහන සංවිධානය කරන ලදී.

උත්සව අවස්ථාවට යුද්ධ හමුදා ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, නිලධාරීන්, කාන්තා නිලධාරිනියන් සහ සෙසු නිලයින් රැසක් සහභාගී වූහ.