Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදා
සේවා වනිතා ඒකකය

18th October 2023 21:05:46 Hours

ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොදුසේවා බලකා සේවා වනිතා ශාඛාවේ මූලිකත්වයෙන් ශාන්ත මයිකල් විද්‍යාලයේ සිසු සිසුවියන් වෙත පාසල් උපකරණ පරිත්‍යාගයක්

ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොදුසේවා බලකා සේවා වනිතා ශාඛාවේ සභාපතිනි හිමාලි නියංගොඩ මහත්මිය එම සේවා වනිතා ශාඛාවේ සාමාජිකාවන් සමඟින් 2023 ලෝක ළමා දිනය සනිටුහන් කරමින් පසුගිය සිකුරාදා (ඔක්තෝබර් මස 6) දින කොල්ලුපිටිය ප්‍රදේශයේ පිහිටි ශාන්ත මයිකල් විද්‍යාලයේ අධ්‍යාපන කටයුතුවල නිරත සිසු සිසුවියන් වෙනුවෙන් පාසල් උපකරණ බෙදාදීමේ වැඩසටහනක් ක්‍රියාත්මක කරනු ලැබීය.

ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොදුසේවා බලකා සේවා වනිතා ශාඛාවේ ඉල්ලීමකට අනුව මෙම වැඩසටහන සඳහා කොළඹ සිංහ සමාජයේ අනුග්‍රාහකත්වය හිමිවිය.

මෙම වැඩසටහනට සමගාමීව පාසල් සිසු සිසුවියන්ගේ නර්තන අංගයක්, සංගීතමය වැඩසටහනක් සහ මානසික ප්‍රවර්ධනය පිළිබඳ අභිප්‍රේර්ණ දේශනයක් ද පැවැත්විණි. මෙම වැඩසටහන සමාප්තියේ සහභාගී වූ සියලුදෙනා වෙනුවෙන් සෞඛ්‍ය සම්පන්න දිවා භෝජන සංග්‍රහයක් ද පිරිනැමිණි.

මෙම අවස්ථාව සඳහා ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොදුසේවා බලකා සේවා වනිතා ශාඛාවේ ජ්‍යෙෂ්ඨ සාමාජිකාවන්, ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, නිලධාරීන් සහ සෙසුනිලයන් පිරිසක් සහභාගී වූහ.