Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදා
සේවා වනිතා ඒකකය

17th October 2023 23:17:52 Hours

ශ්‍රී ලංකා යුද්ධ හමුදා යුධෝපකරණ බලකා සේවා වනිතා ශාඛාව මගින් සමාජ සත්කාරක වැඩසටහනක්

යුද්ධ හමුදා යුධෝපකරණ බලකායේ වාර්ෂික සේවා වනිතා උත්සව සැලැස්මට අනුව යුද්ධ හමුදා යුධෝපකරණ කර්මාන්තශාලාව සහ ශ්‍රී ලංකා යුද්ධ හමුදා යුධෝපකරණ බලකා සේවා වනිතා ශාඛාවේ සාමාජිකයින් සමඟ එක්ව වේයන්ගොඩ, සීලවතී මාතා අනුස්මරණ මව්පිය සෙවණ වැඩිහිටි නිවාසයේ නේවාසිකව සිටින ජ්‍යෙෂ්ඨ පුරවැසියන් වෙනුවෙන් පසුගිය සඳුදා (සැප්තැම්බර් මස 25) දින ආගමික වැඩසටහනක් සංවිධානය කරන ලදී.

ශ්‍රී ලංකා යුද්ධ හමුදා යුධෝපකරණ බලකා සේවා වනිතා ශාඛාවේ සභාපතිනි බන්දුනි මැග්‍රෙට් රණසින් රණවක මහත්මියගේ උපදෙස් මත එම බලකායේ බලකාධිපති, මධ්‍යස්ථාන සේනාවිධායක සහ යුද්ධ හමුදා යුධොපකරණ කර්මාන්තශාලාවේ අණදෙන නිලධාරිතුමන්ගේ අධීක්‍ෂණය යටතේ මෙම වැඩසටහන සංවිධානය කරන ලදී.

වැඩසටහන සඳහා රේණුකා ජයරත්න මහත්මිය සහ යුධෝපකරණ සේවා වනිතා ශාඛාවේ සාමාජිකාවන්, ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, නිලධාරීන් සහ සෙසුනිලයින් රැසක් සහභාගී වූහ.

උත්සවයේ කටයුතු ආරම්භ කරමින් යුද්ධ හමුදා යුධෝපකරණ කර්මාන්තශාලාවේ භටපිරිස් වැඩිහිටි නිවාස පරිශ්‍රය පිරිසිදු කිරීමේ කටයුතු සිදුකරන ලදී. අනතුරුව මහා සංඝරත්නය උදෙසා දානය පිරිනැමීමෙන් පසුව වැඩිහිටියන්ගේ සහභාගීත්වයෙන් බුද්ධ පූජාමය වැඩසටහනක්ද පැවැත්වීය.

මහා සංඝරත්නය විසින් අනතුරුව ශ්‍රී ලංකා යුද්ධ හමුදා යුධෝපකරණ බලකායේ බලකාධිපතිතුමන්, බන්දුනි මැග්‍රෙට් රණසින් රණවක මහත්මිය සහ එම රෙජිමේන්තුවේ සියලුම සාමාජිකයින් වෙත ආශිර්වාද එක් කළහ. වැඩසටහන අතරතුරදී යුද්ධ හමුදා යුධෝපකරණ බලකා සේවා වනිතා ශාඛාවේ සාමාජිකාවන් විසින් වැඩිහිටියන් වෙත ආහාරපාන ලබාදුන් අතර,අත්‍යවශ්‍ය සනීපාරක්‍ෂක ද්‍රව්‍ය සහ වියළි ආහාර සලාක පරිත්‍යාගයක්ද සිදුකරන ලදී.