Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදා
සේවා වනිතා ඒකකය

13th October 2023 07:06:23 Hours

ශ්‍රී ලංකා විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරු බලකා සේවා වනිතා ශාඛාවේ මහා සභා රැස්වීම පැවැත්වේ

ශ්‍රී ලංකා විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරු බලකා සේවා වනිතා ශාඛාවේ සභාපතිනි නන්දනී සමරකෝන් මහත්මියගේ ප්‍රධානත්වයෙන් එම ශාඛාවේ 16 වන වාර්ෂික මහාසභා රැස්වීම 2023 සැප්තැම්බර් මස 26 දින ශ්‍රී ලංකා විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරු බලකා රෙජිමේන්තු මධ්‍යස්ථානයේ නිලධාරී නිවස්නයේදී පැවැත්විණි.

ශ්‍රී ලංකා විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරු බලකා සේවා වනිතා ශාඛාවේ හිටපු සභාපතිනි චන්ද්‍රිකා පෙරේරා මහත්මිය සහ ප්‍රියදර්ශනී සිරිනාග මහත්මිය ඇතුළු එම සේවා වනිතා ශාඛාවේ ජ්‍යෙෂ්ඨ සාමාජිකාවන් රැසක් මෙම වාර්ෂික මහසභා රැස්වීමට සහභාගි වූහ. මෙම අවස්ථාව සඳහා භඨකාර්ය සම්පාදන අණසක මූලස්ථානයේ ආඥාපති සහ ශ්‍රී ලංකා විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරු බලකායේ බලකාධිපති මේජර් ජෙනරල් එස්.පී.ඒ.අයි.එම්.බී. සමරකෝන් එච්ඩීඑම්සී එල්එස්සී ඇතුළු ජ්‍යෙෂ්ඨ නිලධාරීන් පිරිසක් සහභාගී වූහ.

මෙහිදී, ශ්‍රී ලංකා විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරු බලකා සේවා වනිතා ශාඛාවේ සභාපති, උපසභාපති සහ ලේකම් වැනි තනතුරු සඳහා සාමාජිකාවන් පත්කිරීම සිදුකෙරිණි. එමෙන්ම, 2023 වසරේ ඉදිරි මාස කිහිපය සඳහා වන රණවිරු සුබසාධන වැඩසටහන් පිළිබඳව ද මෙහිදී සාකච්ඡා කෙරිණි.