Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදා
සේවා වනිතා ඒකකය

03rd October 2023 21:47:14 Hours

කමාන්ඩෝ රෙජිමේන්තු සේවා වනිතා ශාඛාව ශ්‍රී විමලවංශ ළමා සංවර්ධන මධ්‍යස්ථානයේ ළමුන් සමගින් ලෝක ළමා දිනය සමරයි

ලෝක ළමා දිනයට සමගාමීව කමාන්ඩෝ රෙජිමේන්තු සේවා වනිතා ශාඛාවේ සභාපතිනි නිමාලි රණතුංග මහත්මිය සහ එම ශාඛාවේ සාමාජිකාවන් එක්ව පසුගිය ඉරිදා (ඔක්තෝම්බර් මස 01) දින කඩවත රන්මුතුගල විහාර පරිශ්‍රෙය්දී ශ්‍රී විමලවංශ ළමා සංවර්ධන මධ්‍යස්ථානයේ නේවාසිකව සිටින ළමුන් වෙත අත්‍යවශ්‍ය ද්‍රව්‍ය පරිත්‍යාගයක් සහ රාත්‍රී භෝජන සංග්‍රහයක් පිරිනමනු ලැබීය.

මධ්‍යස්ථානයේ සිටින ළමුන්ගේ අධ්‍යාපනික කටයුතු සිදුකරගැනීමට සහ දිරිගැන්මීක් වශයෙන් එහිදී අත්‍යවශ්‍ය පාසල් උපකරණ පරිත්‍යාගයක් ද සිදුකෙරිණි.

එම මධ්‍යස්ථානයේ නේවාසිකව සිටින ළමුන්ට එදින සුවිශේෂී දිනයක් වූ අතර, මෙම අවස්ථාවට කමාන්ඩෝ රෙජිමේන්තු සේවා වනිතා ශාඛාවේ සාමාජිකාවන්, යුද්ධ හමුදා ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, නිලධාරීන් සහ සෙසු නිලයින් පිරිසක් සහභාගී වූහ.