Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදා
සේවා වනිතා ඒකකය

06th October 2023 23:24:18 Hours

මින්නේරිය ‘විරු කැකුළු’ පෙර පාසල ලෝක ළමා දිනය සමරයි

ලෝක ළමා දිනය වෙනුවෙන් යුද්ධ හමුදා සේවා වනිතා ඒකකය මගින් පාලනය කරනු ලබන මින්නේරිය විරු කැකුළු පෙර පාසලේ ළමුන් 86 දෙනෙකු වෙත කෙටි ආහාර වේලක් සහ සංගීත රසාස්වාදය ලබාදීමේ වැඩසටහනක් පසුගිය ඉරිදා (ඔක්තෝබර් මස 02) දින පවත්වනු ලැබීය.

යුද්ධ හමුදා සේවා වනිතා ඒකකයේ සභාපතිනී ජානකී ලියනගේ මහත්මියගේ උපදෙස් මත එම ඒකකයේ සාමාජිකාවන් නියෝජනය කරමින් රුවීනා මෙත්තානන්ද මහත්මිය මෙම උත්සවය සංවිධානය කරන ලදී.

උත්සවයේදී අලංකාරවත් ඇඳුමින් සැරසුණු කුඩා දරුවන් තම කලා කුසලතා සහ සංගීත කුසලතා ඉදිරිපත් කළ අතර, පෙරපාසල් ගුරුවරුන් ද ඊට දායකත්වය ලබාදුන්හ. උත්සව අවස්ථාවේදී පෙර පාසල් ළමුන් විසින් නිර්මාණය කරන ලද අත්කම් නිර්මාණ ප්‍රදර්ශනයක්ද පැවැත්විණි.

උත්සව අවස්ථාවට ආඥාපති ඉදිරි නඩත්තු ප්‍රදේශය - නැගෙනහිර මේජර් ජෙනරල් එම්.ඩබ්ලිව්.ටී.සී මෙත්තානන්ද යූඑස්පී එන්ඩීසී, කර්නල් ඉදිරි නඩත්තු ප්‍රදේශය - නැගෙනහිර, යුද්ධ හමුදා ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, නිලධාරීන් සහ සෙසු නිලයින් පිරිසක් ද සහභාගී වූහ.