Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදා
සේවා වනිතා ඒකකය

06th October 2023 23:31:41 Hours

ගාල්ල ‘විරු කැකුළු’ පෙර පාසල ලෝක ළමා දිනය සමරයි

ජාත්‍යන්තර ළමා දිනයට සමගාමීව ගාල්ල ‘විරු කැකුළු’ පෙර පාසලේ දරු දැරියන්, පෙර පාසල් කාර්යය මණ්ඩලයේ සහ යුද්ධ හමුදා සේවා වනිතා ඒකකයේ සහයෝගය ඇතිව විශේෂ වැඩසටහනක් පෙර පාසල් පරිශ්‍රයේදී පසුගිය අඟහරුවාදා (ඔක්තෝබර් මස 03) දින පවත්වනු ලැබීය.

61 පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් ආර්.ඒ.ජේ.එන් රණසිංහ ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයූ සහ එතුමන්ගේ භාර්යාව වන සෞම්‍යා රණසිංහ මහත්මියගේ ප්‍රධානත්වයෙන් මෙම උත්සවය පැවැත්විණි. එතුමිය පෙර පාසල් පරිශ්‍රය වෙත පැමිණි පසු පෙර පාසල් දරුවෙකු ඇතුළු පරිපාලන හා ගුරු මණ්ඩලයේ සාමාජිකයින් විසින් පිළිගන්නා ලදී.

උත්සවය අතරතුරදී පෙර පාසල් දරු දැරියන් විසින් විවිධප්‍රසංග වැඩසටහන් ඉදිරිපත් කරන ලද අතර, උත්සවයේ කටයුතු අවසානයේදී සෞම්‍යා රණසිංහ මහත්මිය පෙර පාසල් දරු දැරියන් සඳහා ත්‍යාග බෙදාදීම සිදුකරනු ලැබීය. එතුමිය නික්ම යාමට ප්‍රථම පන්ති කාමරවලට ගොස් පෙර පාසල් ගුරුවරුන් හා ළමුන් සමඟින් සුහඳව අදහස් හුවමාරු කරගත්තේය.

සෞම්‍යා රණසිංහ මහත්මිය උත්සව අවස්ථාවේදී පැමිණ සිටි පිරිස අමතමින්, යුද්ධ හමුදා සේවා වනිතා ඒකකයේ සභාපතිනී ජානකී ලියනගේ මහත්මිය සහ ගාල්ල - විරු කැකුළු පෙරපාසල භාර නිලධාරිනී ඇතුළු කාර්ය මණ්ඩලයට සිය කෘතවේදීත්වය පුද කළාය.

පෙර පාසල් දරුවන්ගේ, කාර්යය මණ්ඩලයේ සහ දෙමාපියන්ගේ ඉදිරි කටයුතු සඳහා සෞම්‍යා රණසිංහ මහත්මිය එහිදී සුභාශිංසනය පළ කළාය. උත්සව අවස්ථාවට 61 පාබල සේනාංකයේ සේනාංකාධිපතිතුමන්, එම සේනාංකයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, පෙර පාසල් කාර්යය මණ්ඩලය, ගුරුවරුන්, යුද්ධ හමුදා සේවා වනිතා ඒකකයේ සාමාජිකාවන් සහ දෙමාපියන් ඇතුළු පිරිසක් සහභාගී වූහ.