Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදා
සේවා වනිතා ඒකකය

26th September 2023 22:16:36 Hours

ශ්‍රී ලංකා ජාතික ආරක්‍ෂක බලමුළු සේවා වනිතා ශාඛාවෙන් එම රෙජිමේන්තුවේ දරුවන්ට මුල්‍යාධාර

ශ්‍රී ලංකා ජාතික ආරක්‍ෂක බලමුළු සේවා වනිතා ශාඛාවේ වාර්ෂික මහා සභා රැස්වීම ඉකුත් සෙනසුරාදා (සැප් 23) දින හෙරලියාවල පිහිටි ශ්‍රී ලංකා ජාතික ආරක්‍ෂක බලමුළු රෙජිමේන්තු මධ්‍යස්ථානයේදී පවත්වන ලදී. එහිදි ශ්‍රී ලංකා ජාතික ආරක්‍ෂක බලමුළුවේ වීරෝදාර රණවිරුවන්ගේ පවුල්වල ආබාධිත දරුවන් සහ අ.පො.ස උසස් පෙළ විභාගය සමත් දූ දරුවන් වෙත මුල්‍යාධාර ප්‍රදානය කරන ලදී.

මෙම අවස්ථාව සඳහා ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස යුද්ධ හමුදා සේවා වනිතා ඒකකයේ සභාපතිනි සහ ශ්‍රී ලංකා ජාතික ආරක්‍ෂක බලමුළු සේවා වනිතා ශාඛාවේ සභාපතිනි ජානකී ලියනගේ මහත්මිය සහභාගී වූ අතර, එහිදි එතුමියගේ සුරතින් ආබාධිත දරුවන් සඳහා රෝද පුටු පරිත්‍යාග කළාය.

මෙම වැඩසටහන යුද්ධ හමුදාධිපති සහ ශ්‍රී ලංකා ජාතික ආරක්‍ෂක බලමුළුවේ බලකාධිපති ලුතිනන් ජෙනරල් විකුම් ලියනගේ ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයූගේ උපදෙස් මත ක්‍රියාත්මක කරන ලදී.