Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදා
සේවා වනිතා ඒකකය

27th September 2023 22:07:50 Hours

ශ්‍රී ලංකා යුද්ධ හමුදා සේවා බලකා සේවා වනිතා ශාඛාවේ මූලිකත්වයෙන් රූපලාවන්‍යාගාරයක්

ශ්‍රී ලංකා යුද්ධ හමුදා සේවා බලකා සේවා වනිතා ශාඛාවේ සභාපතිනී තුෂාරි වනිගසේකර මහත්මියගේ උපදෙස් මත එම ශාඛාව විසින් ‘Elegant Styles’ නමින් අංග සම්පූර්ණ රූපලාවන්‍යාගාරයක් ආරක්‍ෂක සේනා මුලස්ථානය - බටහිර පරිශ්‍රය තුළදී පසුගිය බ්‍රහස්පතින්දා (සැප්තැම්බර් මස 21) දින ආරම්භ කරන ලදී.

නව පහසුකම් සහිත රූපලාවන්‍යාගාරය මගින් සහනදායී මිල ගණන් යටතේ ඉහළම ප්‍රමිතියකින් රූපලාවන්‍ය සේවා සපයනු අතර, එහිදී යුද්ධ හමුදා කාන්තා සෙබලියන්ගේ කොණ්ඩා මෝස්තර සැකසීම, රූපලාවන්‍ය කටයුතු සහ හමුදා විවාහ මංගල්‍යයන් සඳහා අවශ්‍ය රූපලාවන්‍ය කටයුතුද සුවිශේෂී වට්ටම් ලබා දෙමින් සිදුකරීමට අපේක්‍ෂා කරයි.

උත්සව අවස්ථාවට ශ්‍රී ලංකා යුද්ධ හමුදා සේවා බලකා රෙජිමේන්තු මධ්‍යස්ථානයේ මධ්‍යස්ථාන සේනාවිධායක බ්‍රිගේඩියර් එන්.ඒ.එස්.එන් නානුමිආරච්චි සහ යුද්ධ හමුදා සේවා බලකා සේවා වනිතා ශාඛාවේ සාමාජිකායන් පිරිසක් සහභාගී වූහ. යුද්ධ හමුදා සෙබලුන්ට සහ කාන්තා සෙබලියන්ට වඩාත් ප්‍රයෝජනවත් වන ආකාරයට මෙම රූපලාවන්‍යාගාරය ආරම්භ කර ඇත.