Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදා
සේවා වනිතා ඒකකය

03rd October 2023 21:29:17 Hours

ගැමුණු හේවා බලකා සේවා වනිතා ශාඛාව ජාත්‍යන්තර ළමා දිනය වෙනුවෙන් වැඩසටහනක් පවත්වයි

ගැමුණු හේවා බලකා සේවා වනිතා ශාඛාව මගින් ජාත්‍යන්තර ළමා දිනය වෙනුවෙන් බළන්ගොඩ, නන්පෙරියල් වතුයායේ පිහිටි විවේගානන්ද පාසලේ ළමුන් වෙනුවෙන් අතාවශ්‍ය ද්‍රව්‍ය, දිවා භෝජන සංග්‍රහයක් සහ විනෝදාස්වාදන වැඩසටහනක් පසුගිය අඟහරුවාදා (සැප්තැම්බර් මස 26) දින පවත්වන ලදී.

ගැමුණු හේවා බලකා සේවා වනිතා ශාඛාවේ සභාපතිනි මනෝරි වෙලගෙදර මහත්මියගේ උපදෙස් මත මෙම වැඩසටහන සංවිධානය කරන ලදී.

ගැමුණු හේවා බලකා සේවා වනිතා ශාඛාව මගින් එහිදී එම පාසලේ දරුවන්ගේ දැනුම වැඩි දියුණු කිරීමේ අරමුණින් පුස්තකාලයක් ඉදිකරදී ඊට අවශ්‍ය කියවීමේ පොත් ප්‍රදානයක්ද සිදුකරනු ලැබීය.

එදින පැවති උත්සව මාලාවේදී ළමුන් වෙනුවෙන් ක්‍රීඩා තරඟ සහ විනෝදාත්මක අංග රාශියක් පැවැත්වූ අතර, එම ක්‍රීඩා වලින් ජයග්‍රහනය ලැබූවන් සඳහා විශේෂ ත්‍යාග පාර්සල් ප්‍රදානය කිරීමක්ද සිදුකරනු ලැබීය. වැඩසටහන අවසන් කරමින් දිවා භෝජන සංග්‍රහයක්ද පැවැත්වීය.

උත්සව අවස්ථාව අතරතුරදී ගැමුණු හේවා බලකායේ සේවයේ නියුතු සිවිල් සේවක මහතුන්ගේ දරුවන් දෙදෙනෙකු සඳහා ඇස් කණ්ණාඩි ප්‍රදානයක්ද, හමුදා සාමාජිකයන්ගේ පවුල්වල දරුවන්ගේ අධ්‍යාපන කටයුතු දිරිගැන්වීම සඳහා අත්‍යවශ්‍ය පාසල් උපාංග බෙදාදීමක්ද සිදුකරනු ලැබීය.