Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදා
සේවා වනිතා ඒකකය

04th October 2023 22:38:00 Hours

යුද්ධ හමුදා කාන්තා බලකා සේවා වනිතා ශාඛාවෙන් ලෝක ළමා දිනය වෙනුවෙන් වැඩසටහනක්

ලෝක ළමා දිනය වෙනුවෙන් ශ්‍රී ලංකා යුද්ධ හමුදා කාන්තා බලකා සේවා වනිතා ශාඛාව සහ යුද්ධ හමුදා කාන්තා බලකා රෙජිමේන්තු මධ්‍යස්ථානය එක්ව කළුතර, නාහින්න කනිෂ්ඨ විද්‍යාලයේ පාසල් ළමුන් 154 දෙනෙකු සඳහා ළමා දින වැඩසටහනක් පසුගිය සදුදා (ඔක්තෝබර් මස 02) දින පවත්වනු ලැබීය.

වැඩසටහනේදී එම ළමුන් උදෙසා විනෝදාස්වාදන වැඩසටහන් පවත්වා ත්‍යාග පාර්සල් සහ උදෑසන සහ දිවා ආහාරයද පිරිනැමිණි. වැඩසටහන අතරතුරදී නායකත්ව කුසලතා, සහජීවනය සහ එකමුතුකම වැඩිදියුණු කිරීම සම්බන්ධ වැඩසටහන් කිහිපයක්ද පවත්වන ලදී.

යුද්ධ හමුදා කාන්තා බලකායේ බලකාධිපති හා ආරක්‍ෂක සේනා ආඥාපති - බටහිර මේජර් ජෙනරල් යූ.ඩී විජේසේකර ආර්ඩබ්ලිව්පී ආර්එස්පී යූඑස්පී අර්සීඩීඑස් පීඑස්සී සහ යුද්ධ හමුදා කාන්තා බලකා සේවා වනිතා ශාඛාවේ සභාපතිනි ශ්‍යාමලී විජේසේකර මහත්මියගේ උපදෙස් මත එම ශාඛාව විසින් මෙම වැඩසටහන ක්‍රියාත්මක කරන ලදී.

වැඩසටහන අතරතුරදී 2023 වර්ෂයේදී 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයට පෙනී සිටින ළමුන් සඳහා ආදර්ශ ප්‍රශ්න පත්‍ර ඇසුරුම් කිහිපයක් ද බෙදා දෙන ලදී.