Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදා
සේවා වනිතා ඒකකය

01st October 2023 19:02:15 Hours

ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තු සේවා වනිතා ශාඛාවේ මහා සභා රැස්වීම සාර්ථකව පවත්වයි

ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තු සේවා වනිතා ශාඛාවේ වාර්ෂික මහා සභා රැස්වීම පසුගිය සෙනසුරාදා (සැප්තැම්බර් මස 23) දින අඹේපුස්ස, ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තු මධ්‍යස්නයේදී පැවැත්වූ අතර, එහිදී වෛද්‍යධාර මුදල් පරිත්‍යාගයක්ද ප්‍රදානය කරන ලදී.

මහා සභා රැස්වීම සඳහා ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තු සේවා වනිතා ශාඛාවේ සභාපතිනි ඔමිලා ජයවර්ධන මහත්මිය සහභාගී වූ අතර, එම ශාඛාවේ ජ්‍යෙෂ්ඨ සාමාජිකාවන් විසින් එතුමිය උණුසුම් අයුරින් පිළිගන්නා ලදී.

උත්සවය ආරම්භයේදී මනෝවිද්‍යාත්මක මෙහෙයුම් අධ්‍යක්‍ෂ මණ්ඩලයේ රාජකාරියෙහි නියුතු ලුතිනන් කර්නල් ඊ.ඒ.ඒ.එස් චමින්ද විසින් ‘රණවිරු බිරිදකගේ කාර්යභාර්ය’ යන මාතෘකාව යටතේ හරවත් දේශනයක් පවත්වන ලදී.

උත්සවය අතරතුරදී එම රෙජිමේන්තුවේ කොමිෂන් නොලත් නිලධාරියෙගේ වෛද්‍ය ප්‍රතිකාර ලබන දරුවෙකු සඳහා රු. 100,000.00 ක සහ තවත් සෙබළෙකුගේ වෛද්‍ය ප්‍රතිකාර සඳහා රු. 50,000.00ක මුදලක් පරිත්‍යාගය කරන ලද අතර, විශ්වවිද්‍යාල අධ්‍යාපනය ලබන සිවිල් සේවක මහතෙකුගේ දරුවෙක් වෙත අධ්‍යාපන කටයුතු සඳහා නව ලැප්ටොප් පරිගණකයක් ද පිරිනැමිණි.

මහා සභා රැස්වීමේදී නව කමිටු සාමාජිකාවන් පත්කිරීමද සිදුකරන ලද අතර, එහිදී සහභාගී වූ සියළුම දෙනා වෙත සභාපතිතුමියගේ සුරතින් තිළිණ ප්‍රදානය කරනු ලැබීය. උත්සව අවස්ථාවට ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තු සේවා වනිතා ශාඛාවේ ජ්‍යෙෂ්ඨ සාමාජිකාවන්, යුද්ධ හමුදා නිලධාරීන් සහ සෙසු නිලයින් පිරිසක්ද සහභාගී වූහ.