Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදා
සේවා වනිතා ඒකකය

03rd October 2023 00:03:34 Hours

පාසල් ළමුන්ගේ කලා කුසලතා ඉහළ නැංවීමේ අරමුණින් ශ්‍රී ලංකා යුද්ධ හමුදා සේවා බළකා සේවා වනිතා ශාඛාවේ මූලිකත්වයෙන් චිත්‍ර තරඟයක්

පාසල් ළමුන්ගේ නිර්මාණාත්මක කලා කුසලතා ඉහළ නැංවීමේ අරමුණින් ශ්‍රී ලංකා යුද්ධ හමුදා සේවා බළකා සේවා වනිතා ශාඛාවේ සභාපතිනි තුෂාරි වනිගසේකර මහත්මියගේ උපදෙස් මත ‘Arts Competition - 2023’ නමින් චිත්‍ර තරඟයක් එම ඒකකයේ රණවිරුවන්ගේ සහ සිවිල් සේවක මහතුන්ගේ ළමුන් වෙනුවෙන් සංවිධානය කරන ලදී.

චිත්‍ර තරඟය, 2(ස්වෙච්ඡා) ශ්‍රී ලංකා යුද්ධ හමුදා සේවා බළකායේ අණදෙන නිළධාරී ලුතිනන් කර්නල් ආර්.ඒ උඩරටගේ, එම බලකා සේවා වනිතා ශාඛාවේ සභාපතිනි චන්දිමා උඩරටගේ මහත්මිය සහ සාමාජිකාවන්ගේ අධික්‍ෂණය යටතේ 1 -5 , 6-9 සහ 10-13 ශ්‍රේණි නියෝජනය කරමින් කාණ්ඩ 03ක් යටතේ නිර්මාණ 100 කට අධික ප්‍රමාණයක් ඉදිරිපත් කරනු ලැබීය.

චිත්‍ර තරඟයේ විශිෂ්ට දක්‍ෂතා දැක්වූ ළමුන් සඳහා ත්‍යාග ප්‍රදානෝත්සවය පසුගිය සෙනසුරාදා (සැප්තැම්බර් මස 23) දින පැවැත්වූ අතර, උත්සව අවස්ථාවට ප්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් තුෂාරි වනිගසේකර මහත්මිය සහභාගි වූවාය. තරඟය සඳහා සහභාගී වූ සියලුම ළමුන්ගේ සහභාගීත්වය අගයමින් නිර්මාණාත්මක චිත්‍ර ඉදිරිපත් කරනු ලැබු සෑම පාසල් ළමයෙකු සඳහාම පාසල් බෑග් සහ ‘DSI’ ආයතනය මගින් තෑගි වවුචර ප්‍රදානය කෙරිණි.

උත්සව අවස්ථාවට ශ්‍රී ලංකා යුද්ධ හමුදා සේවා බළකා සේවා වනිතා ශාඛාවේ සාමාජිකාවන්, ලුතිනන් කර්නල් ආර්.ඒ උඩරටගේ, යුද්ධ හමුදා ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, ළමුන් සහ ඔවුන්ගේ දෙමාපියන් ද සහභාගී වූහ.