Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදා
සේවා වනිතා ඒකකය

03rd October 2023 00:10:21 Hours

යුද්ධ හමුදා කාන්තා බලකා සේවා වනිතා ශාඛාව මගින් විශේෂ මානසික සුවතා වැඩසටහනක්

ශ්‍රී ලංකා යුද්ධ හමුදා කාන්තා බලකා සේවා වනිතා ශාඛාව විසින් මුල්ලේරියාව ජාතික මානසික සෞඛ්‍ය විද්‍යායතනයේ වාට්ටු අංක 05 හි නේවාසික ප්‍රතිකාර ලබන කාන්තා රෝගීන් 34 දෙනෙකු සහ එහි කාර්යය මණ්ඩලය සඳහා විශේෂ මානසික සුවතා වැඩසටහනක් පසුගිය අඟහරුවාදා (සැප්තැම්බර් මස 26) දින සංවිධානය කරන ලදී.

ශ්‍රී ලංකා යුද්ධ හමුදා කාන්තා බලකා සේවා වනිතා ශාඛාව සභාපතිනි ශ්‍යාමලී විජේසේකර මහත්මියගේ උපදෙස් යටතේ මෙම වැඩසටහන ක්‍රියාත්මක කරන ලදී. එහිදී එතුමිය ප්‍රතිකාර ලබන රෝගීන්ගේ සුවදුක් විමසා ඔවුන් වෙත ත්‍යාග පාර්සල් බෙදා දී ඔවුන් සදහා විශේෂ සංගීත වැඩසටහනක් පවත්වා තේ පැන් සංග්‍රහයක්ද පිරිනමන ලදී.

ශ්‍රී ලංකා යුද්ධ හමුදා කාන්තා බලකායේ බලකාධිපති සහ ආරක්‍ෂක සේනා ආඥාපති - බටහිර මේජර් ජෙනරල් යූ.ඩී විජේසේකර ආර්ඩබ්ලිව්පී ආර්එස්පී යූඑස්පී ආර්සීඩීඑස් පීඑස්සී උපදෙස් මත එම විද්‍යායතනයේ අංක 05 වාට්ටුවේ ජල ටැංකිය සහ ප්‍රතිසංස්කරණය කිරීමට තිබූ ස්ථානයන් ඉංජිනේරු සේවා රෙජිමේන්තුවේ භටපිරිස්හි දායකත්වය මත අලුත්වැඩියා කොට පිළිසකර කරන ලද අතර, වැඩසටහන අවසානයේ රෝගීන් සදහා අත්‍යාවශය ද්‍රව්‍ය පාර්සල් පරිත්‍යාගයක්ද සිදුකරන ලදී.