Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදා
සේවා වනිතා ඒකකය

03rd October 2023 00:14:25 Hours

යුද්ධ හමුදා කෘෂිකර්ම හා පශුසම්පත් බලකා සේවා වනිතා ශාඛාව මගින් අත්කම් නිර්මාණ ප්‍රදර්ශනයක් පවත්වයි

යුද්ධ හමුදා කෘෂිකර්ම හා පශුසම්පත් බලකා සේවා වනිතා ශාඛාව මගින් ‘සෞභාග්‍ය අත්කම් නිර්මාණ හා වෙළඳ භාණ්ඩ ප්‍රදර්ශනය’ සැප්තැම්බර් මස 22-24 යන දිනයන්හිදී පනාගොඩ, බෝධිරාජාරාම පාසල් ක්‍රීඩාංගණයේදී පවත්වනු ලැබීය.

උත්සවයේ සමාරම්භක අවස්ථාවට ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස යුද්ධ හමුදා සේවා වනිතා ඒකකයේ සභාපතිනී ජානකී ලියනගේ මහත්මිය සහභාගී වූවාය. යුද්ධ හමුදා කෘෂිකර්ම හා පශුසම්පත් බලකා සේවා වනිතා ශාඛාවේ සභාපතිනි ශාන්ති අබේසේකර මහත්මියගේ උපදෙස් අනුව ක්‍රියාත්මක කරනු ලැබූ මෙම ව්‍යාපෘතියේ අරමුණ වූයේ දිරිය ලියන් බලගන්වා දේශීය අත්කම් නිර්මාණ වෙළඳපොල ප්‍රවර්ධනය කිරීමයි.

ව්‍යපෘතිය මගින් යුද්ධ හමුදා පවුල්වල භාර්යාවන්ට ආදායම් ඉපැයිම සඳහා නව මංපෙත් විවර කරමින් අත්කම් නිර්මාණ වෙළඳපොළ වෙත ඉදිරිපත් කිරීමට අවස්ථාවක් උදාවෙයි. එහිදී, එම කාන්තාවන්ට තම නිෂ්පාදන සඳහා වෙළෙඳපොළක් අවස්ථාවක් උදාකර ගැනීමට සහ අවශ්‍ය දැනුම හා කුසලතාවයන් වැඩිදියුණු කිරීමේ අරමුණින් වැඩමුළුවක් ද පැවැත්වීය. තෙදිනක් පුරා පැවති මෙම ප්‍රදර්ශනය සඳහා යුද්ධ හමුදා ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, නිලධාරීන්, යුද්ධ හමුදා සේවා වනිතා ඒකකයේ සාමාජිකාවන්, සෙසු නිලයින් සහ ප්‍රදේශවාසීන් විශාල පිරිසක් සහභාගී වූහ.