Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදා
සේවා වනිතා ඒකකය

01st October 2023 19:12:10 Hours

විජයබාහු පාබල රෙජිමේන්තු සේවා වනිතා ශාඛාවේ සාමාජිකාවන් ‘අභිමංසල - 1’ සුවතා නිකේතනයේ සංචාරයක

රණක්‍ෂිතයට පත්ව ප්‍රතිකාර ලබමින් සිටින වීරෝදාර රණවිරුවන්ගේ සුවදුක් විමසා බැලීමේ අරමුණින් විජයබාහු පාබල රෙජිමේන්තු සේවා වනිතා ශාඛාවේ සාමාජිකාවන් පසුගිය සෙනසුරාදා (සැප්තැම්බර් මස 23) දින අභිමංසල - 1 සුවතා නිකේතනයේ සංචාරයක නිරත විය.

විජයබාහු පාබල රෙජිමේන්තු සේවා වනිතා ශාඛාවේ සභාපතිනී හිමාලි පුස්සැල්ල මහත්මියගේ මූලිකත්වයෙන් මෙම සංචාරය සිදුකරන ලද අතර, එහිදී එතුමිය අභිමංසල - 1 සුවතා නිකේතනයේ රණවිරුවන් විසින් අමතර ආදායම් උත්පාදනය කිරීමේ අරමුණින් පවත්වාගෙන යනු ලබන ඉදල් නිශ්පාදන අංශය නවීකරණය කර ඔවුන් වෙත භාරදෙන ලදී.

විජයබාහු පාබල රෙජිමේන්තු සේවා වනිතා ශාඛාවේ සාමාජිකාවන්, නේවාසිකව ප්‍රථිකාර ලබන රණවිරුවන් සමගින් තේ පැන් සංග්‍රහයක් සඳහාද එක් වූ අතර, එහිදී ඔවුන් වෙත ත්‍යාග පාර්සල්ද පරිත්‍යාග කළහ. මෙම අවස්ථාවට එම ශාඛාවේ සාමාජිකාවන්, යුද්ධ හමුදා ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සහ නිලධාරීන් සහභාගී වූහ.