Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදා
සේවා වනිතා ඒකකය

27th September 2023 22:14:23 Hours

යුද්ධ හමුදා සේවා බලකාය යෝගට් නිෂ්පාදනය තව දුරටත් පුළුල් කරයි

යුද්ධ හමුදා සේවා වනිතා ඒකකයේ සභාපතිනී ජානකී ලියනගේ මහත්මියගේ උපදෙස් මත එම ඒකකය මගින් යුද්ධ හමුදා භටපිරිස් වෙනුවෙන් නවීන තාක්‍ෂණික පහසුකම් සහිත පෝෂණ ගුණයෙන් ඉහළ යෝගට් නිෂ්පාදනය ව්‍යපෘතියක් පසුගියදා ආරම්භ කරන ලදී.

ව්‍යපෘතිය මගින් යෝගට් නිෂ්පාදනය සඳහා නව අධි ශීතකරණයන් 3ක් ශ්‍රී ලංකා යුද්ධ හමුදා සේවා බලකා සේවා වනිතා ශාඛාවේ සභාපතිනි තුෂාරි වනිගසේකර මහත්මිය වෙත ලබාදීම සිදුකරනු ලැබීය.

තුෂාරි වනිගසේකර මහත්මිය විසින් ශ්‍රී ලංකා යුද්ධ හමුදා සේවා බලකා රෙජිමේන්තු මධ්‍යස්ථානයේදී එම අධි ශීතකරණයන් මහා පරිමාණ වශයෙන් යෝගට් නිෂ්පාදනය සිදුකරනු ලබන 3 ශ්‍රී ලංකා යුද්ධ හමුදා සේවා බලකාය, 4 ශ්‍රී ලංකා යුද්ධ හමුදා සේවා බලකාය සහ 5 ශ්‍රී ලංකා යුද්ධ හමුදා සේවා බලකාය වෙත ලබාදීම සිදුකරන ලදී.