Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදා
සේවා වනිතා ඒකකය

26th September 2023 22:31:53 Hours

ගජබා රෙජිමේන්තු සේවා වනිතා ශාඛාවේ 15 වන වාර්ෂික මහා සභා රැස්වීම එහි සභාපතිනියගේ ප්‍රධානත්වයෙන් පැවැත්විය

ගජබා රෙජිමේන්තු සේවා වනිතා ශාඛාවේ 15 වන වාර්ෂික මහා සභා රැස්වීම, යුද්ධ හමුදා සේවා වනිතා ඒකකයේ සහ ගජබා රෙජිමේන්තු සේවා වනිතා ශාඛාවේ සභාපතිනි ජානකී ලියනගේ මහත්මියගේ ප්‍රධානත්වයෙන් 2023 සැප්තැම්බර් මස 17 ඉරිදා යුද්ධ හමුදා මූලස්ථානයේ බහුකාර්ය ශාලාවේදී පැවැත්විණි.

ගජබා රෙජිමේන්තු සේවා වනිතා ශාඛාවේ විධායක කමිටු සාමාජිකයින් සහ අනෙකුත් සාමාජිකයින් සැසිවාරයට සහභාගී වූ අතර එහිදි ඉදිරි වසර සඳහා නව විධායක කමිටුව ද පත් කරන ලදී. ගජබා රෙජිමේන්තු සේවා වනිතා ශාඛාව 2024 වර්ෂය සඳහා ක්‍රියාත්මක කිරීමට සැලසුම්කර ඇති සුබසාධන ව්‍යාපෘතීන් පිළිබඳ සාකච්ඡා කරන ලදී.