Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදා
සේවා වනිතා ඒකකය

26th September 2023 08:14:42 Hours

ශ්‍රී ලංකා යුද්ධ හමුදා වෛද්‍ය බලකා සේවා වනිතා ශාඛාවේ මූලිකත්වයෙන් ‘ධනාත්මක චින්තනය’ පිළිබඳ දේශනයක්

ශ්‍රී ලංකා යුද්ධ හමුදා වෛද්‍ය බලකා සේවා වනිතා ශාඛාවේ සභාපතිනි නිල්මිණි ප්‍රනාන්දු මහත්මියගේ යෝජනාවකට අනුව එම සේවා වනිතා ශාඛාව වෙතින් ‘සාර්ථක ජීවිතයක් සඳහා ධනාත්මක චින්තනය සහ දෛනික කාර්යාල කටයුතු සමතුලිත කිරීමට සෞඛ්‍ය සම්පන්න සබඳතාවයක් පවත්වා ගැනීම’ මැයෙන් පසුගිය සෙනසුරාදා (සැප්තැම්බර් මස 16) දින යුද්ධ හමුදා රෝහල් ශ්‍රවණාගාරයේදී දේශනයක් පැවැත්විණි.

ශ්‍රී ලංකා යුද්ධ හමුදා වෛද්‍ය බලකා සේවා වනිතා ශාඛාවේ සභාපතිනි නිල්මිණි ප්‍රනාන්දු මහත්මියගේ ආරාධනයකට අනුව ඕෂදී ද සිල්වා මහත්මිය විසින් දේශනය පැවැත්වූ අතර ඒ සඳහා සේවා වනිතා සාමාජිකාවන්, නිලධාරීන් සහ සෙසුනිලයන් 250 කට අධික පිරිසක් සහභාගී වූහ.

ස්‌නායු ආබාධයක් හේතුවෙන් ප්‍රතිකාර ලබන යුද්ධ හමුදා සාමාජිකයෙකුගේ දරුවෙකුගේ අධ්‍යාපන කටයුතු සාර්ථක කරගැනීම සඳහා මෙම අවස්‌ථාවේදී, ලැප්ටොප් පරිගණක යන්ත්‍රයක් ශ්‍රී ලංකා යුද්ධ හමුදා වෛද්‍ය බලකා සේවා වනිතා ශාඛාව වෙතින් පරිත්‍යාග කරනු ලැබීය.