Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදා
සේවා වනිතා ඒකකය

19th September 2023 16:35:10 Hours

විජයබාහු පාබල රෙජිමේන්තු සේවා වනිතා ශාඛාවේ 27 වන වාර්ෂික මහසභා රැස්වීම පැවැත්වේ

විජයබාහු පාබල රෙජිමේන්තු සේවා වනිතා ශාඛාවේ සභාපතිනි හිමාලි පුස්සැල්ල මහත්මියගේ මඟපෙන්වීම යටතේ එම ශාඛාවේ 27 වන වාර්ෂික මහසභා රැස්වීම 2023 සැප්තැම්බර් මස 9 දින විජයබාහු පාබල රෙජිමේන්තු මූලස්ථානයේදී පැවැත්විණි.

විජයබාහු පාබල රෙජිමේන්තුවේ රෙජිමේන්තු අධිපති සහ ශ්‍රී ලංකා යුද්ධ හමුදා ස්වේච්ඡා බලසේනාවේ සේනාවිධායක මේජර් ජෙනරල් ඩී.එම්.කේ.ඩී.බී. පුස්සැල්ල ආර්ඩබ්ලිව්පි ආර්එස්පී මෙම අවස්ථාවට විශේෂ ආරාධිතයෙකු ලෙස සහභාගී විය.

විජයබාහු පාබල රෙජිමේන්තු සේවා වනිතා ශාඛාවේ අරමුණු ඵලදායී ලෙස සාක්‍ෂාත් කරගැනීම සඳහා සියලුම සාමාජික සාමාජිකාවන් අතර එකමුතුකම සහ ධනාත්මක ආකල්ප ප්‍රවර්ධනය කිරීමේ අවශ්‍යතාවය අවධාරණය කරමින් එම ශාඛාවේ සභාපතිනිය මෙම අවස්ථාවේදී අර්ථවත් දේශනයක් පවත්වන ලදී.

ආර්ථික අපහසුතා මධ්‍යයේ දිවිගෙවන යුද්ධ හමුදා පවුල්වල දරු දැරියන් 21 දෙනෙකු වෙනුවෙන් පාසල් උපකරණ මෙම අවස්ථාවට සමගාමීව බෙදාදෙනු ලැබීය. මෙම අවස්ථාවට සමගාමීව මානුෂීය මෙහෙයුමේදී පුද්ගල නාශක බෝම්බ ප්‍රහාරයක් හේතුවෙන් වළලුකරට ඉහළින් පාද දෙක කපා ඉවත්කළ කොමිෂන් නොලත් නිලධාරියෙකුට ස්වයං රැකියාවක් සඳහා අවශ්‍ය යන්ත්‍ර සූත්‍ර මිලදී ගැනීම සඳහා එතුමන් වෙත රුපියල් 30,000.00 ක වටිනාකමකින් යුත් මූල්‍ය පරිත්‍යාගයක් ද සිදුකරනු ලැබීය.

රැස්වීම සමාප්තියේ ලුතිනන් කර්නල් එච්.ඩී.සී. සිල්වා ආර්ඩබ්ලිව්පී ආර්එස්පී යූඑස්පී පීඑස්සී විසින් මෙම අවස්ථාව සඳහා සහභාගී වූ සියලුදෙනා වෙනුවෙන් ‘සමාජ ආචාර ධර්ම’ පිළිබඳ දේශනයක් පැවැත්වූ අතර රැස්වීමේ සමාප්තිය සනිටුහන් කරමින් රාත්‍රී භෝජන සංග්‍රහයක් ද පැවැත්වීය.