Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදා
සේවා වනිතා ඒකකය

19th September 2023 16:51:30 Hours

යාන්ත්‍රික පාබල රෙජිමේන්තු සේවා වනිතා ශාඛාවේ මූලිකත්වයෙන් මූල්‍යමය පරිත්‍යාගයක්

යාන්ත්‍රික පාබල රෙජිමේන්තුවේ කොමිෂන් නොලත් නිලධාරියෙකු නිවුන් දරුවන් සමඟ දුෂ්කරතා මධ්‍යයේ දිවිගෙවන බව දැනුම් දී ඔහු විසින් සිදුකරනු ලැබූ ඉල්ලීමකට ප්‍රතිචාර දක්වමින් එම රෙජිමේන්තු සේවා වනිතා ශාඛාවේ සභාපතිනි ප්‍රියංගා වික්‍රමසිංහ මහත්මිය විසින් ඔහු වෙත මූල්‍යමය පරිත්‍යාගයක් සිදුකළේය

ඒ අනුව එම නිවුන් දරුවන්ගේ අවශ්‍යතාවයන් සපුරාගැනීම වෙනුවෙන් යාන්ත්‍රික පාබල රෙජිමේන්තු සේවා වනිතා ශාඛාව වෙතින් එම කොමිෂන් නොලත් නිලධාරියාගේ බැංකු ගිණුමට මාසිකව රුපියල් 10,000/= බැගින් වසරක කාලසීමාවක් එම මූල්‍යාධාර ප්‍රදානය සිදුකරනු ලබයි.

යාන්ත්‍රික පාබල රෙජිමේන්තු සේවා වනිතා ශාඛාවේ සභාපතිනි ගේ ඉල්ලීමකට අනුව ඕස්ට්‍රේලියාවේ පදිංචි ගජිත් රාජපක්‍ෂ මහතා සහ කෝසලා රණවීර මහත්මිය විසින් මෙම මූල්‍ය පරිත්‍යාගය සිදුකරනු ලැබීය.

මෙම අවස්ථාව සඳහා යාන්ත්‍රික පාබල රෙජිමේන්තුවේ රෙජිමේන්තු අධිපති මේජර් ජෙනරල් එම්.ජී.ඩබ්ලිව්.ඩබ්ලිව්.ඩබ්ලිව්.එම්.සී.බී. වික්‍රමසිංහ ආර්ඩබ්ලිව්පි ආර්එස්පී එන්ඩීයූ පීඑස්සී, මධ්‍යස්ථාන සේනාවිධායක බ්‍රිගේඩියර් ඒ.එම්.ඒ. අබේසිංහ ආර්ඩබ්ලිව්පි ආර්එස්පී යූඑස්පී පීඑස්සී, යාන්ත්‍රික පාබල රෙජිමේන්තු සේවා වනිතා ශාඛාවේ උප සභාපතිනි නිලන්ති වනසිංහ මහත්මිය, එම රෙජිමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, නිලධාරීන් සහ සෙසුනිලයන් පිරිසක් ද සහභාගී වූහ.