Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදා
සේවා වනිතා ඒකකය

17th September 2023 20:34:30 Hours

කමාන්ඩෝ රෙජිමේන්තු සේවා වනිතා ශාඛාවේ මූලිකත්වයෙන් පාසල් උපකරණ බෙදා දීමේ වැඩසටහනක්

කමාන්ඩෝ රෙජිමේන්තුවේ සේවයේ නියුතු සිවිල් සේවක මහතුන්ගේ පවුල්වල පාසල් අධ්‍යාපනය ලබන දරුවන් සඳහා පාසල් උපකරණ බෙදාදීමේ වැඩසටහනක් පසුගිය සෙනසුරාදා (සැප්තැම්බර් 09) දින ගණේමුල්ල, කමාන්ඩෝ රෙජිමේන්තු මධ්‍යස්ථාන දේශන ශාලාවේදී පැවැත්විණි.

කමාන්ඩෝ රෙජිමේන්තු සේවා වනිතා ඒකකයේ සභාපතිනි නිමාලි රණතුංග මහත්මියගේ උපදෙස් මත මෙම වැඩසටහන පවත්වනු ලැබීය.

වැඩසටහනේදී සිවිල් සේවක මහතුන් 99 දෙනෙකුගේ පවුල්වල පාසල් අධ්‍යාපනය ලබන දරුවන් 160 දෙනෙකු වෙත අභ්‍යාස පොත් සහ පාසල් උපකරණ බෙදා දීමට නියමිත අතර, එදින සිසුන් 21 දෙනෙකු සඳහා සංකේතාත්මකව පාසල් උපකරණ බෙදාදෙන ලදී.

උත්සව අවස්ථාව අතරතුරදී කමාන්ඩෝ රෙජිමේන්තු සේවා වනිතා ඒකකයේ මූලිකත්වයෙන් ගින්නකින් නිවස සම්පූර්ණයෙන්ම විනාශ වූ කොමිෂන් නොලත් නිලධාරියෙකු වෙත නිවසක් ඉදිකිරීම සඳහා මූල්‍යමය ප්‍රධානයක් ලබාදීමද එහිදී සිදුකෙරිනි.

උත්සව අවස්ථාව සඳහා 53 පාබල සේනාංකයේ සේනාංකාධිපති හා කමාන්ඩෝ රෙජිමේන්තුවේ රෙජිමේන්තු අධිපති මේජර් ජෙනරල් පී.ජී.පී.එස් රත්නායක ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීසී, කමාන්ඩෝ රෙජිමේන්තුවේ මධ්‍යස්ථාන සේනාවිධායක බ්‍රිගේඩියර් බී.එම්.එස්.කේ.කේ ධර්මවර්ධන ආර්ඩබ්ලිව්පී ආර්එස්පී යූඑස්පී, කමාන්ඩෝ බලසේනාවේ බලසේනාධිපති බ්‍රිගේඩියර් කේ.වී.අයි.එල් ජයවීර යූඑස්පී, ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, නිලධාරීන් සහ සෙසුනිලයින් සහභාගි වූහ.