Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදා
සේවා වනිතා ඒකකය

16th September 2023 22:28:38 Hours

ඉංජිනේරු සේවා බලකායේ භටපිරිස් සඳහා ‘යහපත් පවුල් ජීවිතයක් ගත කිරීම’ යන මැයෙන් දැනුවත් කිරීමේ වැඩමුළුවක්

බත්තරමුල්ල, 14 (ස්වෙඡ්චා) ඉංජිනේරු සේවා බලකායේ ඒකක දිනයට සමගාමීව ‘යහපත් පවුල් ජීවිතයක් ගත කිරීම’ යන මැයෙන් දැනුවත් කිරීමේ වැඩමුළුවක් පසුගිය අඟහරුවාදා (සැප්තැම්බර් මස 11) දින එම ඒකක පරිශ්‍රයේදී පැවැත්විණි. ඉංජිනේරු සේවා බලකා සේවා වනිතා ශාඛාවේ සභාපතිනියගේ උපදෙස් මත 14 (ස්වේච්ඡා ) ඉංජිනේරු සේවා බලකායේ අණදෙන නිලධාරීගේ අධීක්‍ෂණය යටතේ එම වැඩමුළුව සඳහා හෙලසිරි නාවලගේ මහතා සහ ජයංගනී විජේවර්ධන මහත්මිය සහභාගී වූහ.

වැඩමුළුව අවසානයේදී 14 (ස්වෙච්ඡා ) ඉංජිනේරු සේවා බලකායේ අණදෙන නිලධාරීතුමන් විසින් හෙලසිරි නාවලගේ මහතා සහ ජයංගනී විජේවර්ධන මහත්මියගේ දායකත්වය අගයමින් ඔවුන් වෙත සමරු තිළිණ ප්‍රදානයක්ද සිදුකරන ලදී. වැඩමුළුව තුලින් ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, නිලධාරීන් සහ භටපිරිස් වෙත සාර්ථක විවාහ ජීවිතයක් ගතකිරීමත් එම සබඳතා තව දුරටත් වැඩි දියුණු කිරීමටත් අවශ්‍ය උපදෙස් ලබාදීම සිදුකරනු ලැබීය.