Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදා
සේවා වනිතා ඒකකය

07th September 2023 17:44:47 Hours

ශ්‍රී ලංකා කාලතුවක්කු හමුදා සේවා වනිතා ශාඛාවේ මූලිකත්වයෙන් සුභසාධන වැඩසටහනක්

ශ්‍රී ලංකා කාලතුවක්කු හමුදා සේවා වනිතා ශාඛාවේ සභාපතිනි චාමා වනසිංහ මහත්මියගේ උපදෙස් මත එම රෙජිමේන්තුවේ සේවයේ නියුතු රණවිරුවන්ගේ පවුල්වල විශේෂ අවශ්‍යතා සහිත ළමුන් සඳහා රෝද පුටු පහක් සහ අත්‍යාවශ්‍ය ද්‍රව්‍ය සහ ආහාර සලාක පාර්සල් බෙදාදීමේ වැඩසටහනක් පසුගියදා පනාගොඩ ශ්‍රී ලංකා කාලතුවක්කු හමුදා රෙජිමේන්තු මධ්‍යස්ථානයේදී පැවැත්විණි.

ශ්‍රී ලංකා කාලතුවක්කු හමුදා සේවා වනිතා ශාඛාවේ ඉල්ලීමක් මත ‘CERTIS Lanka’, ‘Ceylon Biscuits Limited’ සහ ‘Unilever Sri Lanka Limited’ ආයතනයන් විසින් මෙම වැඩසටහන සඳහා මූල්‍යමය අනුග්‍රාහකත්වය දැක්වීය. ශ්‍රී ලංකා කාලතුවක්කු හමුදාවේ බලකාධිපති සහ යුද්ධ හමුදා මාණ්ඩලික ප්‍රධානී මේජර් ජෙනරල් ඩබ්ලිව්.ඒ.එස්.එස්. වනසිංහ ආර්එස්පී වීඑස්වී යූඑස්පී එන්ඩීයූ ප්‍රධාන ආරාධිත ආරාධිතයෙකු ලෙස සහභාගී වූ අතර එම අවස්ථාවට චාමා වනසිංහ මහත්මිය සහ එම ඒකකයේ සාමාජිකාවන්ද සහභාගී වූහ.

උත්සව අවස්ථාවට ශ්‍රී ලංකා කාලතුවක්කු හමුදා සේවා වනිතා ශාඛාවේ ජ්‍යෙෂ්ඨ සාමාජිකාවන්, යුද්ධ හමුදා ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, නිලධාරීන් සහ සෙසුනිලයන් ද සහභාගී වූහ.