Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදා
සේවා වනිතා ඒකකය

06th September 2023 18:31:05 Hours

ශ්‍රී ලංකා යුද්ධ හමුදා සේවා බලකා සාමාජිකයන්ගේ සහභාගීත්වයෙන් රුධිර පරිත්‍යාග වැඩසටහනක්

ඉදිරි නඩත්තු පෙදෙස - උතුර යටතේ ස්ථාපිත 5 ශ්‍රී ලංකා යුද්ධ හමුදා සේවා බලකායේ නිලධාරීන් ඇතුළු හමුදා සාමාජිකයින් 200 දෙනෙකුගේ සහභාගීත්වයෙන් යාපනය, ශික්‍ෂණ රෝහලේ අසාධ්‍ය තත්ත්වයේ පසුවන රෝගීන්ගේ ප්‍රයෝජනය සඳහා රුධිර පරිත්‍යාග වැඩසටහනක් පසුගියදා පැවැත්වීය.

යාපනය ශික්‍ෂණ රෝහලේ වෛද්‍ය එම්. ප්‍රදීපන්, වෛද්‍ය ආර්. කන්නන් සහ රවිනාදාස මහතා ප්‍රමුඛ වෛද්‍ය කණ්ඩායමක සහාය ඇතිව මෙම රුධිරය පරිත්‍යාග කිරීමේ වැඩසටහන පලාලි ප්‍රදේශයේ ස්ථාපිත 5 ශ්‍රී ලංකා යුද්ධ හමුදා සේවා බලකා කඳවුරු පරිශ්‍රයේදී පසුගිය සෙනසුරාදා (අගෝස්තු මස 26) දින පැවැත්වීය.

ශ්‍රී ලංකා යුද්ධ හමුදා සේවා බලකායේ බලකාධිපතිතුමන්ගේ උපදෙස් මත යුද්ධ හමුදා සේවා බලකා සේවා වනිතා ශාඛාවෙහි සභාපතිනි තුෂාරි වනිගසේකර මහත්මියගේ සම්බන්ධීකරණයෙන් ඉදිරි නඩත්තු පෙදෙස - උතුර අධීක්‍ෂණය යටතේ 5 ශ්‍රී ලංකා යුද්ධ හමුදා සේවා බලකායේ අණදෙන නිලධාරී ලුතිනන් කර්නල් ඩී.එම්. ජයසිංහ සහ එම බලකා සේවා වනිතා ශාඛාවේ සභාපතිනී අයෝමා ජයසිංහ මහත්මිය විසින් අර්ධද්වීපයේ රාජකාරි කරනු ලබන කරන සියලුම යුද්ධ හමුදා සේවා බලකා නිලධාරීන් සහ සෙසුනිලයන් සඳහා සිය රුධිරය පරිත්‍යාග කිරීමට අවශ්‍ය පහසුකම් සපයන ලදී.

වැඩසටහන සඳහා වෛද්‍ය සහයකයින්, යාපනය ශික්‍ෂණ රෝහල් රුධිර බැංකුවේ කාර්යය මණ්ඩලය, යුද්ධ හමුදා ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, නිලධාරීන් සහ යුද්ධ හමුදා සේවා බලකා සේවා වනිතා ශාඛාවේ සාමාජිකාවන් ද සහභාගී වූහ.