Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදා
සේවා වනිතා ඒකකය

06th September 2023 18:44:46 Hours

යුද්ධ හමුදා සන්නද්ධ බුද්ධි බලකා සේවා වනිතා ශාඛාවේ සාමාජිකාවන් අභිමංසල -1 සුවතා නිකේතනයේ සංචාරයක

රණක්‍ෂිතයට පත්ව ප්‍රතිකාර ලබමින් සිටින වීරෝදාර රණවිරුවන්ගේ සුවදුක් විමසා බැලීමේ අරමුණින් යුද්ධ හමුදා සන්නද්ධ බුද්ධි බලකා සේවා වනිතා ශාඛාවේ සාමාජිකාවන් අගෝස්තු මස 19 දින අනුරාධපුර ප්‍රදේශයේ ස්ථාපිත අභිමංසල -1 සුවතා නිකේතනයේ සංචාරයක නිරත වූහ.

සංචාරයේ නිරත පිරිස එම සුවතා නිකේතනයේ නේවාසිකව ප්‍රතිකාර ලබන රණක්‍ෂිතයට පත් රණවිරුවන්ගේ සහ ඔවුන්ගේ පවුල්වල සාමාජිකයින්ගේද සුවදුක් විමසා බැලීය.

සංචාරය අතරතුරදී සන්නද්ධ බුද්ධි බලකා සේවා වනිතා ශාඛාවේ සාමාජිකාවන් විසින් සෑම රණවිරුවෙකු වෙතම අත්‍යවශ්‍ය භාණ්ඩ සහ සනීපාරක්‍ෂක ද්‍රව්‍යය අඩංගු පාර්සලයක් පිරිනමනු ලැබීය.

අභිමංසල -1 සුවතා නිකේතනය වෙත පැමිණි යුද්ධ හමුදා සන්නද්ධ බුද්ධි බලකා සේවා වනිතා ශාඛාවේ සභාපතිනි රාජිත ජයසූරිය මහත්මිය එම සුවතා නිකේතනයේ රණක්‍ෂිතයට පත් රණවිරුවෙකු විසින් පිළිගත් අතර, අනතුරුව එම රණවිරුවන් සමඟින් තේ පැන් සංග්‍රහයක් සඳහාද එක් විය.