Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදා
සේවා වනිතා ඒකකය

06th September 2023 18:20:21 Hours

යුද්ධ හමුදා සන්නද්ධ බුද්ධි බළකා සේවා වනිතා ශාඛාවේ මූලිකත්වයෙන් දානමය වැඩසටහනක්

යුද්ධ හමුදා සන්නද්ධ බුද්ධි බළකා සේවා වනිතා ශාඛාවේ සභාපතිනි රාජිතා ජයසූරීය මැතිණියගේ ප්‍රධානත්වයෙන් එම ශාඛාවේ සාමාජිකයින් එක්ව මාසිකව සිදුකරනු ලබන දානමය පුණ්‍යකර්ම වැඩසටහන මෙවරත් අම්බලන්ගොඩ, වරුසවිතාන වැඩිහිටි නිවාසයේදී පසුගිය සෙනසුරාදා (අගෝස්තු මස 26) දින පවත්වන ලදී.

වැඩිහිටි නිවාසයේ නේවාසිකව සිටින වැඩිහිටියන් 20 දෙනෙකු සඳහා එදින උදෑසන, දහවල් සහ රාත්‍රි භෝජන සංග්‍රහයන් පිරිනැමුණු අතර, මෙම අවස්ථාවට ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, නිලධාරීන් සහ සෙසුනිලයින් රැසක් සහභාගි වූහ.